හිලරි තුන් වැනි ලෝක යුද්ධයට අතවනනවා -ට්‍රම්ප්.


ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිරියානු ගැටලුව සම්බන්ධයෙන් දරණ විදේශ ප්‍රතිපත්තිය තෙවැනි ලෝක යුද්ධයකට අතවැනීමක් බව ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

මේ අවස්ථාවේදී ඇමෙරිකාව වැඩි අවධානයක් යොමු කළ යුත්තේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් පරාජයට පත්කිරීම මිස සිරියානු ජනාධිපති අසාද් ධුරයෙන් පහ කිරීම නොවන බවද ට්‍රම්ප් අවධාරණය කරයි.

සිරියාවට ඉහළ ගුවන් මුක්ත කලාපයක් ඇති කිරීමට ඇය සිය අවසන් විවාදයේදී පවසා සිටි බව සිහිපත් කළ ට්‍රම්ප්, මෙවැනි කලාපයක් නම් කිරීමෙන් සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු ප්‍රහාරක යානාවලට ගැටලුවක් ඇතිවන බවත්, මෙය අනවශ්‍ය ගැටලුවක් ඇති කරවන්නක් බව ඇමෙරිකාවේ ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් පවා පවසා ඇත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රියාමාර්ගයකින් යුද්ධය කඩිනමින් අවසන් කරගැනීමට හිලරිගේ අදහස වුවත්, ඇය පවසන යුද්ධය අසාද් ධුරයෙන් පහ කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, මියාමි නුවරදී පැවති ජන හමුවක් අමතමින් ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම සිදුකළේය.

Share on Google Plus

0 comments:

Post a Comment