ඥානසාර හිමිට චෝදනා ගොනු කෙරේ.


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතිපතිවරයා විසින් සංශෝධිත චෝදනා පත‍්‍රයක් අද (13) ගොනු කරනු ලැබුවා.

ඒ, ඥානසාර හිමියන් ඉකුත් ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට බාධාවන ආකාරයට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අභියාචනාධිකරණයේදී අද අවවාද කළ බවද අප වාර්තාකරු පැවසුවා.

Share on Google Plus

0 comments:

Post a Comment