"අයිසේ පිස්සු නටන්න එපා" - වජිර FCIDයට ගොරවයි.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තම අමාත්‍යාංශයේ ලේකම්වරු කිහිපදෙනෙකුට කැඳවීම් කර තිබූ බවත් තමන් එම පොලිස් කොට්ඨාසයට කතාකර "අයිසේ මේ පිස්සු නටන්නෙ නැතුව ඉන්නවා" යැයි පැවසූ බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 

වංචා හා දූෂණ පිළිබඳ විමර්ශන සිදු කරන ආයතනවලට දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතා බහක් ඇතිව තිබෙන අතර වජිර අබේවර්ධන මහතා සිය දේශපාලන බලය පාවිච්චි කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බලපෑම් සිදු කරන ආකාරය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටින්නේ මෙලෙස ය.

තමන් එක්තරා වැඩකට රජයේ සේවකයෙකුට කතා කළ විට "සර් මටත් FCIDයට යන්නද කියෙන්නේ" යැයි ඇසූ බවත් රජයේ සේවකයන් පාලනය කරන්න පොලීසියට බැරිබව තමන් ඒ අවස්ථාවේ පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. එම රාජ්‍ය සේවකයාට එතරම් බියක් දැනෙන තරමට අමාත්‍ය වරයා පැවරූ කාර්යය කුමක්දැයි අනාවරණය නොවෙයි.

Share on Google Plus

1 comments: