හිස් වූ පුටුවට ජනපති මාධ්‍ය ලොක්කෙක් : Exclusive


දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග මීලගට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් පත්වන්නේ කව්දැයි යන්න දැඩි කතාබහට ලක්වී තිබේ.

ජනපතිට සමීප අරංචි මාර්ග වලට අනුව මීලග අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ජනපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් පත් කිරීමට පිඹුරුපත් සකස් වෙමින් තිබේ.

මාතර රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබුවෙකු වන මොහු ගැටුම් අධ්‍යයනය,ජාත්‍යන්තර නීතිය , ජාත්‍යන්තර දේශපාලනය, මානව හිමිකම් හා කළමනාකරණය ඇතුළු විවිධ ක්ෂේශ්ත්‍රය පිළිබද හසල දැනුමක් ඇති පුද්ගලයෙකු බව ද වාර්තා වේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් මේ පුද්ගලයාට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පැවසෙන්නේ.

Share on Google Plus

0 comments:

Post a Comment