උපාලිව පාවා දුන්නේ ජයන්ත ධර්මදාස?


පසුගිය සෙනසුරාදා (22) ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර සිට ඩුබායි හරහා කොළඹ බලා පැමිණෙමින් සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, කෝටිපති ව්‍යාපාරික උපාලි ධර්මදාස මහතා ඩුබායි ගුවන් තොටුපලේදී ආගමන විගමන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ සොයුරු, තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතාගේ ඔත්තුවක් මත යැයි වාර්තා වේ.

ජයන්ත ධර්මදාස මහතා සිය සොයුරු උපාලි ධර්මදාස මහතාව පාවා දී ඇත්තේ, ජයන්තට අයත් ඩුබායිහි ඇඟලුම් කම්හලක අයිතිකරු තමා බව පවසමින් වීසා ලබාගැනීම සඳහා ඩුබායි ආගමන විගමන සේවයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. උපාලි ධර්මදාස මහතා ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව ආගමන විගමන සේවයට දන්වා ඇත්තේ ජයන්ත ධර්මදාස විසිනි.

නැසීගිය සුප්‍රකට ව්‍යාපාරික එච්.කේ. ධර්මදාස මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන ජයන්ත සහ උපාලි, පියාගේ දේපල උරුමය සඳහා මේ වනවිට විශාල නීතිමය සංග්‍රාමයක නියැලී සිටී. උපාලි ධර්මදාස මේ වනවිට සිය සොයුරු ජයන්ත ධර්මදාසට විරුද්ධව අධිකරණයේ නඩු 05 ක් පමණ ගොනුකර ඇත.

අතරමැද පාර්ශ්වකරුවකු හරහා උපාලි ධර්මදාස වෙත පණිවිඩයක් යවා ඇති ජයන්ත ධර්මදාස පවසා ඇත්තේ ඩුබායි ආගමන විගමන නිළධාරීන්ට තමන් කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන උපාලි ධර්මදාසව නිදහස් කරගැනීමට නම් කොළඹ අධිකරණයේ පවරා ඇති නඩු සියල්ල වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. (ජයන්ත ධර්මදාස සිතා සිටින්නේ ඩුබායිත් ලංකාව වගේ කියාය)

මේ පිළිබඳව අපට කරුණු හෙළිකළ ධර්මදාස පවුලේ හිතවතෙකු පවසා සිටියේ 'අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම (ICC Code of Ethics) පනතේ 07 වන වගන්තියේ පළමු අනු වගන්තිය අනුව, ඔට්ටු සහ සූදු (Gaming & Gambling) ව්‍යාපාර සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රව යම් පුද්ගලයෙකු හෝ ඔහුගේ ඥාතීන් කටයුතු කරන්නේ නම් එම පුද්ගලයා අදාල රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු තනතුරක් දැරීමට නුසුදුස්සෙකු වන්නේය යන නීතිය සනාථ කිරීමට තිලංග සුමතිපාල, ඔහුගේ බිරිඳ හා ජගත් සුමතිපාල මෙම ඔට්ටු සහ සූදු ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී ඇති බව දීර්ඝ කරුණු අධ්‍යයනයකින් ක්‍රීඩා අමාත්‍යංශයට හා අධිකරණයට කරුණු දක්වා සිය සොහොයුරා වන ජයන්ත ධර්මදාසට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වීමට පාර කපාදුන් සිය සොයුරු උපාලි ධර්මදාසට ජයන්ත කළගුණ සැලකූයේ නන්නාඳුණන රටක, නීතියක් නැති දේශයක සිරගත කිරීමෙන්' බවයි. 

මේ වනවිට උපාලි ධර්මදාස මහතා වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම සඳහා ඔහුගේ නීති උපදේශක, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඩුබායි වෙත ගොස් සිටින බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

-LNW

Share on Google Plus

0 comments:

Post a Comment