COPE බොරදියේ මාළු බාන JVP.


ආන්දෝලනයකට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර සිදුවීම මේවනවිට ජනතා විමුක්ති පෙරමුණට බොරදියේ මාළු බෑමට කදිම අවස්ථාවක් සලසාදී ඇති බව කදිමට පෙනෙන නිසඳුන් රැසක් පෙනෙන්නට තිබේ.

මෙම සිදුවීම cope  කමිටුවහි පරික්ෂාවට භාජනය වූ දින පටන්ම, කමිටුවේ සිටින සියලු ජවිපෙ සාමාජිකයන්, පරීක්ෂණවල තොරතුරු මාධ්‍යට නිරන්තරයෙන් ලබා දෙමින් දේශපාලන වාසි ලබා ගෙනිමේ පහත් ක්‍රියාවක නියැලෙමින් සිටින බව රහසක් නොවේ.

එසේ ලබාදෙන තොරතුරු ඉතා අසත්‍ය වීම මෙම තත්වය තිව්‍රර කරන සාධකයක් බවත් එය එම පක්ෂයේ බංකොලොත් භාවයට කදිම නිදර්ශනයක් බවත් දේශපාලන විචාරක මතයයි.

කෙසේ නමුත් cope කමිටු සභාපති වන සුනිල් හඳුනෙත්ති මහතා වරින් වර මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම සහ ලියකියවිලි පැනවීම කිරීම ඉතා පිළිකුලෙන් යුතුව බලා සිටින බුද්ධිමත් ජනතාව තවදුරටත් ඔවුන්ගේ පටු අවස්ථාවාදී දේශපාලනයෙන් ඈත් වන බව ඔහු සහ ඔහුගේ සඟයන් මතකයේ තබා ගත යුතුව තිබේ.

දේශපාලන වාසි තකා කටයුතු කරන මොවුන්ගේ වත්මන් නිරුවත මොවුන් විසින් බියවද්දා මුදල් ලබාගත් කීපදෙනකු හරහා සිදුවීමට නියමිත බව අප සඳහන් කරන්නෙමු.

තවද ඔවුනට මුදල් ලබා දී කුලී හේවායන් සේ ඔවුන්ව භාවිත කරන අයගෙන් නම් ද ඉදිරියේ දී අනාවරණය වීමට නියමිතය.


-දේශපාලන වාර්තාකරු

Share on Google Plus

1 comments:

  1. ඔබ කියන්නෙ හඳුනෙත්ති සහ ජවිපෙ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කොප් කමිටුව තුළ සිදුකරන කාර්‍යබාරය වැරදි බවද​? එසේනම් නිවැරදිව එම කටයුතු කරන්නෙ කවුරුන්ද? බොර දියේ මාලු බෑමක් ලෙස ඔබ කියන්නේ අමාරුවේ වැටී සිටින අර්ජුන් මහේඳ්‍රන් සහ ඔහුගේ පිටුපස සිටින පිරිස රටට සහ මාද්‍යයන්ට අනාවරණය කිරීම නිවැරදි නොනව බවද​?

    ReplyDelete