CIFL කොටස් ගනුදෙනු අත්හිටුවයි.


සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) හි කොටස් ගනුදෙනු අද (19) උදෑසන අත්හිටුවනු ලැබීය. කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවිය සඳහන් කරන පරිදි සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ නිවේදනයකට අනුව CIFL සමාගම ඇතුළු තවත් මූල්‍ය ආයතන 4 ක් සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ CIFL සහ තවත් මූල්‍ය සමාගම් දෙකක තැන්පත්කරුවන්ගේ තැන්පතු සහ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යානුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිරාකරණ ක්‍රමවේදයක් මුදල් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි.

මේ සඳහා අවශ්‍ය සහයෝගය අදාළ පාර්ශව වෙතින් නොලැබෙන්නේ නම් පවත්නා නීති ප්‍රකාරව අකමැත්තෙන් වුව ද මෙම සමාගම්වල ව්‍යාපාර කටයුතු ඈවර කිරීමට අවසර ලබා දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

මේ අතර CIFL සමාගමේ කොටස් මිල අද උදෑසන වන විට රු. 1.50 සිට රු. 1.20 දක්වා 20% කින් කඩා වැටී තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment