මහ බැංකුවේ හොරු අල්ලන ලොක්කි හෙරක් ලු.


ශ්‍රි ලංකා මහ බැංකුවේ මේවන විට සේවය කරන ඉහළ නිළධාරිනියක ඇතුලු තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.

 අභ්‍යන්තර විගනන අංශයේ ඉහළ තනතුරක් හොබවන නිළධාරිනියකට එරෙහිව මේවන විටත් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම වෙත ද පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තාවේ. ඇය රාජකාරීමය කටයුතු සඳහා විදේශ සංචාරයන් වලදී සාමාන්‍ය පංතියේ ගුවන් බලපත්‍ර ලබාගෙන ගමන් කළත් ව්‍යාපාරික පංතියේ ගමන් ගත් බව කියමින් වංචා සහගත ලෙස මහ බැංකුවෙන් මුදල් ලබා ගෙන ඇති බවට එම චෝදනාව එල්ල වී තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සමීපව කටයුතු කළ ඇය ඔහුගේ අනුදැනුම මත මහ බැංකුවේ සිදු වු අක්‍රමිකතා රැසක් සම්බන්ධ චෝදනා යටපත් කිරීම සඳහා කටයුතු කළ බවට එවකට ද චෝදනා එල්ල වී තිබිණි. එමෙන්ම පසුගිය වකවානුවේ ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව හා ඒ ආශ්‍රිත සිදුවීම් වලදී ඇය විසින් මහ බැංකුවේ විශ්වාසය රකිමින් කටයුතු නොකළ බවටද මේවන විට චෝදනාවට ලක්වී ඇත.

මේ අතර මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් කෝප් කමි‍ටුව හමුවේ සාක්ෂි දුන් ඇතැම් නිලධාරීන් අසත්‍ය , පක්ෂග්‍රාහී සාක්ෂි දීම හා මහ බැංකු රහස් පිට කිරීම සම්බන්ධයෙන් මේවන විට පැවැත්වෙන විමර්ශන අනුව නිලධාරීන් හතර පස් දෙනෙකුගේ වැඩ තහනමට ලක්වීමේ අවධානමක්ද මතුව ඇති බවය.

-Lanka Daily

Share on Google Plus

0 comments:

Post a Comment