ප‍්‍රකට නිළියකගෙ කාර් එක උස්සලා.


එක්තරා කාලසීමාවක පුංචි තිරය එයාගෙම වගේ කරගෙන හිටපු එක්තරා නව පරපුරේ නිළියකට ඔන්න ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා කියලා ආරංචි වුණා. අකරතැබ්බක් කිව්වට අකරතැබ්බක්මත් නෙමෙයි.

අපහසුතාවක් කිව්වොත් හරියට ම හරි. නිකම්ම අපහසුතාවකුත් නෙමෙයි, ආර්ථික අපහසුතාවක්. ඔය ආර්ථික අපහසුතාව කොච්චර උච්ච වෙලාද කියලා කියනවා නම් ඔය කියන ප‍්‍රකට නිළියගෙ අලූතින්ම ගත්ත ගිනි ගින්දර වගේ සුඛෝපභෝගී කාර් එකත් ෆිනෑන්ස් එකෙන් උස්සලා ලූ. ඔය හුට්ටප්පර හුට්ටප්පරේ හින්දම මේ දවස්වල ඔය කියන ජනප‍්‍රිය නිළිය ටික දුරක් පයින් ගිහින් ඉස්සර වගේ අනෙක් ටික බස් එකේ යනවලූ. කොහොම වුණත් ඔය කොළඹ අවට බස්වල එහෙ මෙහෙ යන අයට අපි මේ කියන නිළිය දැකගන්න අමාරු වෙන එකක් නෑ.

ඕකට තමයි සමහරු කියන්නෙ නගිනකොට අහසට ම නැග්ගට බහිනකොට වළවල්වලට අල වෙන්නම බහිනවා කියලා.

Share on Google Plus

0 comments:

Post a Comment