බැසිල්, ශ‍්‍රී පාදය පාමුල ඉඩමක් අරාබියට විකුණලා?




මේ දිනවල සමාජජාල ඔස්සේ  පැතිරෙමින් පවතින සේයාරූ කිහිපයක දැක්වෙන හෙලිකොප්ටරය බස්සවා ඇත්තේ ශ‍්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘‘මරේ වත්ත’’ නමින් හැඳින්වෙන ප‍්‍රදේශයට වන අතර එය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප‍්‍රදේශයක් බවයි අපහට දැනගන්නට ලැබුණේ.

මෙහි ඇති ඉඩමක් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් පිරිසක් විසින් මිලදීගෙන ඇති බවට පුවත් වාර්තා වුණු අතර අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ එහි සත්‍යතාවක් ඇති බවයි.

මෙම ඉඩමට මුලින්ම අයිතිය තිබී ඇත්තේ පසුගිය රජයේ ප‍්‍රබල ඇමතිවරුයෙක් වූ බැසිල් රාජපක්ෂට බව විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ අපවෙත තොරතුරු වාර්තාවුණා. ශ‍්‍රී පාද අඩවිය පාමුල මෙම ඉඩම මිලදීගත් බැසිල් රාජපක්ෂ විසින් එහි සංචාරක හෝටලයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස්කර තිබූ නමුත් ප‍්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ එම කාර්ය කරගැනීමට ඔවුන් ඇතුළු පිරිසකට හැකියාව ලැබී නැහැ.

මේ අතර හිටපු රජය පෙරළී යහපාලන රජය බලයට පැමිණීමත් සමඟින්ස මතුවට හෝටලය ඉදිකිරීමේ සැලැස්මක් නොමැතිව බැසිල් රාජපක්ෂ විසින් මෙම ඉඩම කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණා තිබෙනවා.

එම අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවට වාර්තා වන අතර මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.

Share on Google Plus

0 comments:

Post a Comment