පරීක්ෂණවලින් හොරු රකිනවා - බැසිල්ගේ නඩුවේ පැමිණිලිකරු කියයි.


ගම්පහ මල්වාන ගඟබඩ පාරේ අක්කර 16ක ඉඩමේ පිහිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසේ ඉදිකිරීම් බාරව කටයුතු කළ ඕලු ඇසෝසියේට් නම් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කරන්නේ මෙම ඉඩම සම්බන්ධ නඩුව ගොනුවන්නේ 2015.05.05 දින තමන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බවත් පසුව තමන්ව කිසිඳු නඩු කටයුත්තකට සහභාගී කර නොගත් බවත්ය.

පරීක්ෂන සිදුවන ආකාරය අනුව තමන්ට වංචාකළ වංචාකරුවන් ආරක්ෂාවන ස්වභාවක් පෙන්නුම් කරන බවත් තමන්ට අය වියයුතු මුදල් තමන්ට ලබා නොදී තවත් වංචාවක් සිදුවෙමින් පවතින බවත් උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කරයි.

මෙම නිවස ඉදිකිරීම් භාරව සිටි මුදිත ඇසෝසියේට් නම් වරලත් ඉංජිනේරු සමාගමේ මුදිත ජයකොඩි විසින් තමන්ට ගෙවිය යුතු මුදල් නොගෙවූ බවත් තමන් ගොනු කළ පැමිණිල්ලේ ප්‍රධාන සැකකරු මුදිත ජයකොඩි බවත් ඔහු අවසන් වරට තමන්ට ගෙවූ රුපියල් එක්කෝටි දසලක්ෂය (රු. 11,000,000) ගෙවා ඇත්තේ ඔහුගේ ගිණුමෙන් බවත් රාමවික්‍රම මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ඊයේ (14) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

උපුල් කුමාර රාමවික්‍රම මහතා විසින් 2015 ජූලි 03 හෝ ඒ ආසන්න දිනකදී මුදිත ඇසෝසියේට් සමාගම වෙත රුපියල් මිලියන 20 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇති අතර එම එන්තරවාසියේදීද කරුණු රැසක් ඔහු අනාවරණය කර තිබේ.

‘රිවර් සයිඩ් විලා’ නම් භූගත මහලක් සහිත මෙම අති සුඛෝපභෝගී නිවස ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගම එකී ඉදිකිරීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල වන රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදල (රු. 103,496,140.82) නිසි ලෙස නොගෙවා එම වටිනාකමට අඩු මුදලක් ගෙවා නියමිත මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ රෝහල මාවතේ පිහිටි මුදිත ඇසෝසියේට් නම් සමාගම වෙත සිය නීතිවේදිනිය මාර්ගයෙන් මෙසේ එන්තරවාසිය යවා ඇත.

එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්‍යවරයා යැයි උපුල් කුමාර රාමවික්‍රම තේරුම් ගත් බවද එන්තරවාසියේ සඳහන්ව තිබේ.


ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි මහත්මිය මාර්ගයෙන් යවා තිබෙන මෙම එන්තරවාසිය මගින් සියඹලාපේ ඕලු ඇසෝසියේටි සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කර ඇති පරිදි අදාළ ඉදිකිරීම භාරදෙන විටත් මුදිත ඇසෝසියේට් නම් එම වරලත් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ සභාපති මුදිත ජයකොඩි මහතා මෙම ඉඩම ICC වත්ත ලෙසින් පමණක් හඳුන්වාදුන් බවත් මෙම නිවසේ හිමිකරු බැසිල් රාජපක්ෂ මහතා බව නොපැවසූ බවත් සඳහන් කර ඇත.

ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී එහි පැමිණි බැසිල් රාජපක්ෂ මහතා, පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහ එම දියණියගේ රුචිකත්වයට අනුව මෙහි ඉදිකිරීම්වල වෙනස්කම්ද සිදුකර ඇතැයිද එහි සඳහන් වේ. එසේ නිම කළ මෙම නිවස සඳහා රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදලක් (රු. 103,496,140.82) වැය වුවද, එම මුදල අවසානයේ දී රුපියල් හත්කෝටි දහඅට ලක්ෂ තිස් එක්දහස් පන්සිය පනස් එකයි සත විසිපහක් (රු. 71,831,551.25) දක්වා අඩු කොට තර්ජනය කිරීමෙන් පසු ඒ සඳහා අත්සන ලබාගත් බවත් එම එන්තරවාසියේ දක්වා තිබේ.

කරුණු එසේ හෙයින් සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතාට තවදුරටත් ලැබිය යුතු රුපියල් තුන්කෝටි දහසය ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූ නවයයි ශත පනස් හතක (රු. 31,664,589.57) මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින 21ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා ඇත. 

එසේම ඉහත සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට සිදුව ඇති හානිය, පාඩුව හා අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක්ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එන්තරවාසිය මගින් තවදුරටත් දන්වා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව උදිත ජයකොඩි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තුසිර මලවිතන්ත්‍රී දැක්වූ අදහස් පහතින්,

Share on Google Plus

0 comments:

Post a Comment