ජනපති ගිය හෝමාගම රැස්වීමට ඒකාබද්ධ මන්ත්‍රීවරුත් යයි.


හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවි නගරය විවෘත කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ. 

රුපියල් බිලියන 10.2 ක වියදමින් ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවිය නගරය අක්කර 26 ක් පුරා විහිදෙන දකුණු ආසියාවේ ප්‍රථම හා එකම හරිත සරසවියයි. 

මෙහි සිසුන් 30,000 කට ඉගෙනුම ලැබීමේ හැකියාව පවතින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසයි.



Share on Google Plus

0 comments:

Post a Comment