ඉන්ටපෝල් පොලිසිය මගින් අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට?


බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිනයේ සිංගප්පුරුවට ගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත මෙරටට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය හරහා හෝ ඔහු අත්අඩංගුවට ගන්නා බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවලින් පලා යාමට ඉඩ නොදෙන බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ලේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

Powered by Blogger.