ආදිල් මිය යන්නට පෙර සහෝදරයට කෙටි පණිවුඩයක්.


ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අාදිල් බාකිර් මාකර් එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභවප්‍රාප්ත වන විට දැඩි උණ රෝගී තත්ත්වයකින් පෙළී ඇති බව පැවසෙනවා.

එංගලන්තයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු ලන්ඩන් නුවර සිට ඊයේ (12) දින යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත්තේ සිය බිරිඳට අලුත උපන් දරුවා දැක ගැනීමේ අරමුණින්.

එදින රාත්‍රියේ තම සහෝදරයාට කෙටි පණිවුඩයක් යවමින් 26 වැනි වියේ පසුවූ ආදිල් බාකීර් සඳහන් කර ඇත්තේ තමාට උණ ගතියක් දැනෙන බැවින් තමන් නිදාගන්නට යන බවයි.

ආදිල් බාකීර් නීතිඥයෙකු වන අතර ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවර ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්’ හී පශ්චාත් උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය හදාරමින් සිටියා.

අාදීල් බාකිර් මාකර් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නායි. ඔහුගේ මරණ පරීක්ෂණය එරටදී සිදු කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලන්ඩන් නුවර සුසාන භූමියකදී සිදු කිරීමට නියමිතව පවතිනවා. ඒ වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇති බවත් සඳහන්. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන අසාෆ් බාකීර් මාකර් කටාර් හී සිට ලන්ඩන් නුවර වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

අදාළ සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් වෙත ශෝකය පළ කර තිබෙනවා.

Share on Google Plus

0 comments:

Post a Comment