ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය කැළඹේ - සිවිල් සංවිධාන 48ක් හදිසි මාධ්‍ය හමුවක.


හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයක් සමගින් ආණ්ඩුව අතුලේ අර්බුධකාරී තත්වය උත්සන්න වී තිබේ.

මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ පස්වරුවේ එජාප මැති ඇමතිවරැන් රැසක් කැදවා තිබින.

පොලීසිය හරහා සිදු කරන ඇතැම් කටයුතු මගින් තමන් අප‍්‍රසාදයට පත් කිරීමට එජාපය කටයුතු කරතියි ජනාධිපතිවරයා කල්පනා කරන නිසා මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවද දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ කතාබහක් ඇතිව තිබේ.

එසේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කල සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති බහුතරයක් විසින් හදිසි මාධ්‍ය හමුවක් හෙට දිනයේ කැදවා ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් අධිකරණය හමුවට පැමිණිවීම හා අල්ලස් කොමිසම CID FCID යන ආයාතන දේශපාලන උවමනාව මත භාවිතා කිරීමට තමන් දැඩි විරෝධය පල කරන බවත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයට ඔවුහු සිය විරෝධය පල කරති.

ගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කරමින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 48ක් එක් වූ අතර හෙට පැවැත්වෙන මාධ්‍ය හමුව සදහා ඒවායේ සියළු නියෝජිතයින් සහභාගී වනු ඇතැයිද පැවසෙයි.

Share on Google Plus

0 comments:

Post a Comment