'Youtube' එකට චැලේන්ජ් කරන ඉන්ස්ටග්‍රෑම්.


ඉන්ස්ටග්‍රෑම් හින්ද Youtube  එකට පරදින්න වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනව.ඉන්ස්ටග්‍රෑම් කියන්නෙ මෑත කාලයේ ප්‍රසිද්ධ වෙච්ච සමාජ වෙබ් අඩවියක් කියලා ඔයගොල්ලෝ කවුරුත් දන්නවනෙ.

එක එක විදියෙ ෆොටෝ අරගෙන ඒව දාන්න පුළුවන් තැන මොකක්ද කියල ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන්නෙ දැන් ඉන්ස්ටග්‍රෑම් කියලා.තව නොබෝ දිනකින් ඉන්ස්ටග්‍රෑම් ලොකු වෙනසක් කරන්න යන බව තමයි ආරංචිය.

එයාල හදන්නෙ Youtube එක එක්ක හැප්පෙන්න. ඕන වීඩියෝ එකක් තියෙන ප්‍රසිද්ධම තැන තමයි Youtube එක. ඒත් ඉන්ස්ටග්‍රෑම් කරන කට්ටියත් ඉන්ස්ටග්‍රෑම් චැනල් කියල දෙයක් නිර්මාණය කරල තියෙනව.

හැබැයි මේක තාම එළිදක්වලා නම් නැහැ. හැබැයි මේ අලුත් චැනල් එක ගැන පොඩි හෙළිදරව්වක් මැෂබල් වෙබ් අඩවිය කරල තියෙනව.

Youtube එකේ කරන ඕනෑම දෙයක් මේ ඉන්ස්ටග්‍රෑම් චැනල් එකෙන් කරන්න පුළුවන්ලු. Youtube එක පරද්දන්නලු මේ චැනල් එක හදල තියෙන්නෙ.

Share on Google Plus

0 comments:

Post a Comment