යහපාලනයේ අළුයට ගැටුම් එළියට එයි.


යහපාලන හවුල් ආණ්ඩුව අභ්‍යන්තරයේ එජාප හා ශ්‍රීලනිප ඇමතිවරුන් අතර ගැටුම් මේ වනවිට එළිපිට ප්‍රකාශ වීම දක්වා වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

එහි ආසන්නතම උදාහරණ බවට පත්ව ඇත්තේ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති චන්දිම වීරක්කොඩි හා මුදල් ඇමතිවරයා අතර මතුවූ ගැටුම බව පැවසේ.  ඛණිජ තෙල් ඇමතිවරයාට නොදන්වා ඛණිජ තෙල් බදු මුදල් රුපියල් 10.00 කින් ඉහළ දැමීමට මුදල් ඇමතිවරයා කටයුතු කිරීම ඊට බලපා ඇතැයි පැවසේ.

මෙම ගැටුම එළිපිට ප්‍රකාශ වීමට ඉඩ නොදීමට ආණ්ඩුවේ ඇතමුන් කොතෙකුත් උත්සාහ කරනු ලැබුවත් චන්දිම වීරක්කොඩි ඇමතිවරයා එළිපිටම විරෝධය පළකර තිබේ. මීට පෙර මුදල් ඇමතිවරයා හා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක අතර බරපතළ ගැටීමක් මතු වූයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අරමුදල් මුදල් ඇමතිවරයා හිතුමතේ පවරා ගැනීමට ක්‍රියා කිරීමත් සමගය.  ඊට විරෝධය පළකරමින් නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම අමාත්‍යංශයේ අරමුදල් පවරා ගැනීමක් සිදුකරනු ලැබුවහොත් තමන් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවය.

මුදල් ඇමතිවරායාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එ.ජා.ප. මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද විරෝධය පළ කරමින් ඇති තත්වයක් හමුවේ මේ වනවිට ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ද මුදල් ඇමතිවරයාට විරෝධය පළකරමින් සිටී.

Share on Google Plus

0 comments:

Post a Comment