පොලිස් ලොක්කෙක්ගේ පුතෙක්ට අනාචාර චෝදනාවක්?


දුරකථන සමාගමක අලෙවි කළමනාකරුවකු ලෙස සේවය කරනු ලබන පොලිස් ලොක්කෙකුගේ පුතෙක් එම සමාගමේම තොග විකුණුම් අංශයේ පාරිභෝගික සේවා නිලධාරිනියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට චෝදනා එල්ලවී තිබේ.

අනියම් සම්බන්ධය පවත්වනු ලබන තරුණියගේ සැමියා විසින් එම දුරකථන සමාගමේ ප්‍රධානියාට මේ සම්බන්ධයෙන් වාචිකව පැමිණිලිකර ඇති බව පැවසේ.

පොලිස් ලොක්කාගේ පුතා විසින් යවන ලද කෙටි පනිවුඩයක් (SMS) මගින් මේ සම්බන්ධය හෙළිවී ඇති බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ලොක්කාගේ පුතුට පසුගිය අගෝස්තු 07 වැනිදා ටෙලිකොම් සමාගමේ ප්‍රධානියා අවවාදකර ඇති බවද වාර්තා වේ.

-SLM

Powered by Blogger.