තිස්සට නඩු පවරයි.



ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන්   ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම  හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම එම චෝදනාය.

ඒ අනූව එකී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පැවරූ බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියකට තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන  23  වැනිදා සලකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment