බදු එකතු කිරීම හොංකොං සමාගමකට.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකරනු ලබන සියලුම ආකාරයේ බදු එකතු කිරීම හොංකොං සමාගමක් වෙත පැවරීමට කටයුතු යොදා ඇතැයි දේශීය ආදායම් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ ප්‍රකාශකයකු කියා සිටියේය.

මෙසේ බදු එකතු කිරීමට අදාළ ආයතනයට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි ඔහු කීය.

බදු එකතු කිරීම පවරා ඇත්තේ McKensey & Company නම් ආයතනයක් වෙත බවත්, ඔවුන් වසර 5ක් තුළ බදු ආදායම ඇමරික ඩොලර් මිලියන 500කින් වර්ධනය කිරීමේ එකඟතාවය මත ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 12ත් 15ත් අතර මුදලක් ලබාදීමට (රුපියල් මිලියන 1,830කට ආසන්න මුදලක්) එකඟවී ඇති බවද ඔහු හෙළිකර සිටියේය.

වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන 560ක් පමණ වන බවත්, එය වාර්ෂිකව රුපියල් මිලියන 60ත් 70ත් අතර මුදලකින් ඉහල යන බවත් පැවසේ.

මේ සැලැසුම සකස්කර ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බවට දේශීය ආදායම් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව චෝදනාකර සිටී.

කෙසේවුවද, අදාළ තීන්දුවට විරෝධය දැක්වීම සඳහා ලබන සඳුදා දිනයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතාවයක් දියත් කිරීමට සැලැසුම්කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

0 comments:

Post a Comment