මෛත්‍රීට අපහාස කළ නඩුවෙන් සුදර්මන් නිදහස්.


පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරුන් ස්වාධීන රූපවාහිනී සේවය හරහා පල කළ ප්‍රවෘත්තියක් දැන්වීමක් ලෙස යොදාගනිමින් ප්‍රචාරය කිරීමේ සිදුවීමට අදාළව පවතින නඩුවෙන් සුදර්මන් රඳලියගොඩ මහතා ඇතුළු 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කර තිබේ. 

ස්වාධීන රූපවාහිනී සේවයේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදර්මන් රදලියගොඩ මහතා ඇතුළු 11දෙනා අදාළ චෝදනාවෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ඔවුන් මෙසේ නිදහස් කරනු ලැබ ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment