විනිසුරුවෝ එක පැත්තක කදවුරු බැද, සිල්වෙස්තරයෙන් පළිගනියි?


කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බොක්සිං තරගාවලියක් අතරතුර, එහි විනිසුරුවරයකු ලෙස කටයුතු කළ රත්නසූරිය නැමැත්තෙකු විසින්, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩකයකුට පහර දී තිබේ. අදාල පහරදීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවා මේ වන විට රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටියි.

සාමාන්‍ය නීතිය අනුව, තරගාවලියක් ආරම්භ වීමෙන් පසු තරග විනිසුරුවරයකුට බොක්සිං වලල්ලේ සිට මීටර් 6 ක දුර සීමාව ඉක්මවා පිටතට ගමන්කළ නොහැක. යම් අවශ්‍යතාවක් වෙනුවෙන් එසේ පිටතට ගිය ද තරගයට සහභාගී වන තරගකරුවන් හෝ වෙනත් පාර්ශවයක් වෙත නීත්‍යානුකූල මැදිහත්වීමක් හෝ උපදෙස් දීමක් කළ නොහැක. මෙය බොක්සිං නීතිාය් තත්ත්වය බව කියැවේ.

නමුත්, මෙහිදී පැවති තරගයක් අවසානයේ දී සිල්වෙස්තර ශිෂ්‍යයා පරාජයට පත්ව ඇති අතර පරාජයෙන් පසු ඔහු සිය ප්‍රතිවාදී මහානාම ක්‍රීඩකයාට අතට අත නොදී බොක්සිං වලල්ලෙන් පිටතට ගොස් ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීමෙන් පසු, මීටර් 20ක් පමණ දුරින් පිහිටි ක්‍රීඩකයින්ගේ විවේක කාමරය වෙත පැමිණ ඇති මේජර් අත්නසූරිය නමැති අදාල තරගයේ බොක්සිං විනිසුරු, සිල්වෙස්තර ශිෂ්‍යයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දී තිබේ. පහර දීමෙන් පසු එම ශිෂ්‍යයා බොක්සිං වළල්ල අසර අසුන්ගෙන සිටි ජූරිය හමුවටට රැගෙන යාමට උත්සාහ දරා ඇත්තේ බලහත්කාරයෙනි.

මෙම පහර දීම වැලැක්වීම සදහා මැදිහත් වූ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ පුහුණුකරු විසින් අදාල විනිසුරුවරයා එම ශිෂ්‍යයාට පහර දීමට විරෝධය පලකර ඇත. මෙහිදී, අදාල තරගාවලියේ විනිසුරන් විසින් සාමූහිකව එම පුහුණුකාරවරයාට බැණඅඩගසා ඇති අතර, ක්ෂණයකින් ඔහුගේ පුහුණුකාර තනතුර තහනම් කිරීමට ද පියවර ගෙන ඇත්තේ, කිසිදු විදිමත් පරීක්ෂණයක් හෝ කිරීමෙන් තොරවය.

දැනගන්නට ඇති පරිදි මෙය බොක්සිං ක්‍රීඩාවේ සාමාන්‍ය තත්ත්වයකි. යම් අසාධාරණයකට එරෙහිව යමෙක් කතා කළහොත්, කිසිදු හෙවිල්ලකින් හෝ බැලීමකින් තොරව ඔහු ඉන් පලවා හැරීමේ ඒකාධිකාරයක් මෙම ක්‍රීඩාවේ දක්නට ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සූදානම් වන බව කියා සිට අැති අතර, අදාල සිද්ධිය ‘අතහැර නොදැමීමට‘ එම විදුහලේ ආදිසිසුන් හා දෙමව්පියන් කටයුතු කරමින් සිටියි. මේ හේතුවෙන්ම සෙසු තරගවලදී කිසිදු තැකීමක් නොතර සිල්වෙස්තර සිසුන් උවමනාවෙන්ම පරාද කරවීමේ විනිසුරු ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද වාර්තා වේ.

- භාරත ප්‍රභාෂණ 


Share on Google Plus

0 comments:

Post a Comment