ගුවන් නියමුවන් හෙට සිට අකුරට වැඩ.


ගුවන් නියමුවන් බීමත්ව සිටීද යන්න සොයා බැලීමේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් බලධාරීන් කටයුතු කරන නිසා එයට විරෝධය පා හෙට (09දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය සඳහන් කරයි.

අවිධිමත් ආකාරයට සිදුකරන පරීක්ෂා කිරීම විධිමත් ලෙස සිදුකරන ලෙස ඉල්ලා සිටි ගුවන් නියමුවකුගේ වැඩ තහනම් කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබෙන බවද එම සංගමයේ නියෝජිතයෙක් සඳහන් කළේය.

අගමැතිතුමාගේ උපදෙස් මත මෙම ක්‍රම‘වේදය සිදුකරන බව පවසමින් ගුවන් සමාගමේ බලධාරීන් වෛද්‍ය අංශය යොදා ගෙන මෙම පරීක්ෂා කිරීම සිදුකරන බවත් මෙම පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය දිනෙන් දිනම වෙනස් වෙමින් පවතින බවද එම සංගමය සඳහන් කරයි. 

එහෙත් ගුවන් නියමුවෙකු බීමත්ව සිටීද යන්න සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රම‘වේදයට පරිභාහිරව මෙම පරීක්ෂා කිරීම සිදුකරන බවද එම සංගමයේ නියෝජිතයා කියා සිටියේය. 

මේ නිසා ගුවන් නියමුවන් දැඩි අපහසුතාවන්ට පත්වී තිබෙන බවත් ගුවන් නියමුවන්ට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීමට ජාත්‍යන්තර ක්‍රම‘වේදය භාවිත කරන ලෙසට තම සංගමය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවද එම නියෝජිතයා සඳහන් කළේය.

එහෙත් එම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර ලබා නොදෙන නිසා හෙට (09දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය සඳහන් කරයි.

මේ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේදී පැවරී තිබෙන රාජකාරීවලින් පරිබාහිරව පවරන රාජකාරි කිසිවක් සිදුනොකරන බවද එම සංසදයේ නියෝජිතයා කියා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment