"මොරටු සනත්" වස බිව්වේ ඇයි?


මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවශ්‍යව සිටි විමල් වීරවංසගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ "මොරටු සනත්" නොහොත් සනත් කුමාර නැමැත්තා පසුගිය 02වනදා වස පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලේ 33 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මීට පෙර අප වාර්තා කරණ ලදී.

මේ "මොරටු සනත්" යනු කවරෙක්ද? ඔහු වස පානය කර ඇත්තේ කුමක් නිසාද යන්න මේ වනවිට අණාවරණය වෙමින් තිබේ.

ඔහු පවත්වාගෙන ගිය ව්‍යාපාර දිනෙන් දින බංකොලොත්වීම හා ඒ සඳහා අනිවාර්ය යෙන් යෙදවිය යුතු ප්‍රාග්ධනය නොමැතිවීම තුළ බැංකුවලට හා පුද්ගලයන්ටත් පොලියට මුදල් ලබා දෙන්නන්ටත් විශාල ලෙස ණය වීම නිසා ඔහු ඉන් පීඩාවට පත්ව සිට ඇත.

මොරටු සනත් සිය ව්‍යාපාර ඉතා සාර්තකව පත්වාගෙන ගොස් ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ විමල් වීරවංසගේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරන නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ ය. එහෙත් රාජපක්ෂ පාලනය බිඳවැටීමෙන් පසු මොරටු සනත්ගේ සෑම ව්‍යාපාරයක්ම දිනෙන් දින බංකොළොත් වන්නට පටන්ගෙන තිබේ.

මොරට සනන් නැමැත්තා මාතර ප්‍රදේශයේ උපන්නෙකු වන අතර ඔහුට විමල් වීරවංසව මුණ ගැසීමට කලකට පෙර රැකියාවක් සොයා කොළඹට පැමිණ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කටයුතු කර ඇත. ඒ කාලයේම ඔහු මොරටුව ප්‍රදේශයේ බාබර් සාප්පුවක්ද පවත්වාගෙන ගොස්  තිබේ. 

සනත් කුමාර නිතරම ඉක්මනින් මුදල් උපයා ගැනීමේ මාර්ග සොයමින් සිටි අයෙකු වන අතර ඔහුට හදිසියේම විමල් වීරවංස හමුවෙන්නේ සිය කොන්ඩා කැපීමේ ව්‍යාපාරය තුළදිය. ඔහු ප්‍රනීත හා ඉතා උස්ස වර්ගයේ මත්පැන් ආදියද රැගෙන නිතර නිතර විමල් වීරවංසව මුණ ගැසෙන්නට වූ අතර ඔහු මුදල් ඉපයිමේ ව්‍යාපාර ගැනද විමල් වීරවංස සමග බොහෝ වේලා කතා කර තිබේ.

ක්ෂණිකව මුදල් ඉපයීමට සනත්ගේ ඇති ආශාව තේරුම්ගත් විමල්, සිය මඩිය තර කරගැනීමේ කටයුතු සඳහා ඉතා සූක්ෂම ලෙස සනත්ව යොදාගෙන ඇත.

සනත්ගේ වුවමනාව හා විමල්ගේ වුවමනාව එකට එක සමපාත වූ බැවින් දෙදෙනාම ගජමිතුරන් බවට පත්වී තිබේ.

පසුව විමල් තම විශ්වාසවන්ත භාවය පිළිබඳව තහවුරු කරමින් සනත් කුමාරව සිය සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් පත්වීමක් ලබා දී ඇත.

විමල් වීරවංසට කැබිනට් ඇමති ධුරයක් හිමවූ පසු සනත් කුමාරව අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස පත් කර ඇත. 

මොරටු සනත් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් පසුව බලාපොරොත්තු වන්න

Share on Google Plus

0 comments:

Post a Comment