මහින්දට රනිල්ගෙන් ටයර් හතරක්.



හිටපු ජනාධිපතිවරයෙකු තම නිල කටයුතු සඳහා පහසුකම් සපයා ගැනීම බලයේ සිටින ජනාධිපතිවරයෙකු මගින්ම ඉටු කර ගත යුතු වුවද මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයා මඟහැර ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මගින් එම කටයුතු මටු කර ගන්නා බව හෙළි වේ.

මෙහි ආසන්නතම සිදු වීම වන්නේ හිටපු ජනාධිපතිවර මහින්ද රාජපක්ෂ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා සිය නිල රථයට අළුතින් ටයර් ලබා ගැනීමයි.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන්වලදී තිබිය යුතු ආරක්ෂාව සපයා ගැනීම ආදී කටයුතු කර ගන්නේද අගමැතිවරයා මගින් බව හෙළි වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයාගෙන් කරුණු විමසා ඇති අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ "අපි දෙන්නා අතර තිබෙන පෞද්ගලික හිතවත්කම වගේම හිටපු ජනාධිපති හැටියට මගේ තියෙන ගෞරවය නිසා කටයුතු ඉටු කර ගන්නවා" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම තම කටයුතුවලදී අගමැතිවරයා අමතා ඒ සඳහා පහසුකම් සපයාගෙන ඇති බවද හෙළි වේ. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කර සිටියේ හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය පහසුම් තමන් විසින් සපයන බවත් ඔහුය රැක ගැනීමට කටයුතු කරන බවත් ය.

Share on Google Plus

0 comments:

Post a Comment