ගම්මන්පිල, ඩලස් රනිල්ගේ කළු කෝපිවල රසබලයි?


මහින්ද පිල නියෝජනය කරන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය නිල කාමරයේදී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගම්මන්පිල, ඩලස් ඇතුළු පිරිසට "කළු කෝපි"වලින් සංග්‍රහයක්ද සිදු කර තිබේ.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවකට විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා අතර මෙවැනි සුහද හමු නිතර නිතර පැවති අතර එකලද "කළු කෝපි" සංග්‍රහ පැවැත්වීම පිළිබඳව මාධ්‍යවල දැඩි කතා බහට ලක් විය. 

මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මහින්ද පිල කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය අනුව යැයි සමාජයේ පවතින කතා බහ මෙවැනි හමුවලින් තදින්ම තහවුරු වන බව ය.

Share on Google Plus

0 comments:

Post a Comment