රනිල් එජාපයේ ඊළඟ නායකත්වය ගැන ඉඟියක් පළ කරයි.


70 වැනි වසර සම්පූර්ණ කළ එක්සත් ජාතික පක්‍ෂය 80 වැනි වසර වන විට එහි නායකත්වය දැරිය යුත්තේ කවුදැයි අප කල්පනා කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම අපගේ වගකීම බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ එ.ජා.ප.යේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (06දා) රාත්‍රියේ සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ සභා රැස්වීමේදීය.

අවුරුදු 70ක් ඊයේ (6දා) දිනට සපිරුණු එ.ජා.ප.යේ මූලික අරමුණු ඉදිරියටත් ගෙනයෑමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේතාක් දුරට පක්‍ෂය ඉදිරියට ගෙන ඒමට සහාය දුන් සියලුම නායකයන් සිහිපත් කරමින් පාක්‍ෂිකයන්ට තම කෘතඥතාව පළ කිරීමටද අමතක නොකළේය.

මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා සුහදව හා හැඟීම්බරව පැවැත්වූ අතර එ.ජා.ප.යේ ඉතිහාසය සිහිපත් කරමින් එහි සාමාජිකයෝ එ.ජා.ප.ය මෙරට දැවැන්තම දේශපාලන පක්‍ෂය වශයෙන් ඉදිරි අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වූහ.

Share on Google Plus

0 comments:

Post a Comment