මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන්ගේ රුසියානු සංචාරය ජනපති අත්හිටුවයි.


මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍යය නිලධාරීන්ගේ රුසියානු සංචාරය සම්බන්ධව අප්‍රසාදය පලකරමින් ඊට අවසර දීම පිළිබදව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) රාත්‍රියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගෙන් කරුණු විමසා එම සංචාරයේ නිරතවීමට නියමිත දෙවන කණ්ඩායමේ ගමන වහා අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.

තමන් ලොව කොතැන සිටියත් මේ ආකාරයේ රාජ්‍යය මුදල් අති විශාල ප්‍රමාණයක් වැයකර මන්ත්‍රීවරුන් විදෙස් සංචාරයක නිරතවීමට කටයුතු කිරීම පිළිබඳ අවසර දීමට පෙර දැනුවත් කිරීමට තිබූ බව ද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී ඇත. කාණ්ඩ දෙකක් වශයෙන් රුසියානු සංචාරයේ නිරත මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන්ගේ ප්‍රථම කණ්ඩායම අද (27) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන අතර ඊට මන්ත්‍රීවරු 28 දෙනකු හා එක් නිලධාරීයකු ඇතුළත්ව තිබේ.

‍එළඹෙන 05 දින දිවයිනෙන් පිටත්ව යෑමය නියමිත දෙවන කණ්ඩායමේ ගමන වහා අත්හිටුවන ලෙස ජනපතිවරයා තමන්ට දැනුම්දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

මින් ඉදිරියට මේ අකාරයේ විදෙස් සංචාර සඳහා මන්ත්‍රීවරු සහභාගී වන්නේ නම් ඒ පිළිබද තම දැනුවත් කිරීමෙන් තොරව අවසර නොදෙන ලෙසද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී තිබේ.

ජනපති දැනුවත් කිරීම මත මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍යය නිලධාරීන්ගේ රුසියානු සංචාරයේ දෙවන අදියර වහා අත්හිටවුන ලෙස තමන් පළාත් සභා ලේකම්වරයාට නියෝග කළ බවද ඒකනායක මහත්මිය කීවාය. 

Share on Google Plus

0 comments:

Post a Comment