රිෂ්නිගේ මගඩියක් එළිවෙයි!


පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’හි පවත්වන ලද උත්සවය සංවිධානය කළ ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න එම උත්සවයට ගෙනගිය නිරූපිකාවන්ට මුදල් ගෙවූ බවට ලබාදී ඇති රිසිට්පත්වලින් වංචාකර ඇති බව හෙළිව ඇතැයි වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පැවසේ.

රිෂ්නිගේ ‘රෙඩ් චෙරී’ ආයතනය විසින් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ අදාළ උත්සවයට රුපියල් මිලියනය බැගින් නිරූපිකාවන්ට දුන් බව කියමින් රිෂ්නිගේ ‘රෙඩ් චෙරී’ ආයතනය රිසිට්පත් ඉදිරිපත් කර ඇතත් සෙන්ට් කිට්ස්හිදී එසේ මුදල්දී එම මුදල් ලංකාවේදී නැවත ඉල්ලාගෙන ඇති බවයි.

පසුගිය කාලයේදී නාමල්ගේ පෙම්වතියක් බවටද කටකතා පැතුරුණ ගායිකාවක් හා නිළියක් හා ඇගේ සෙහෝදරියගේ ප්‍රකාශවලින් මේබව හෙළිව ඇති බවද වාර්තා වේ. 

Share on Google Plus

0 comments:

Post a Comment