Reliance Jio – අම්බානිගෙන් මුලු ඉන්දියාවටම නොමිලේ ඇමතුම්.


දුරකතන සන්නිවේදන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට ගන්නා ඇමතුම් නොමිලේ ලබා දෙන Reliance Jio ඊයේ (01) දිනයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවේ අංක එක් ධනවතා වන මුකේෂ් අම්බානි විසින් සිය සමාගමේ නවතම හඳුන්වා දීම ලෙසින් මෙම නිවේදනය ප්‍රකාශ කරනු ලැබුවේ සෙස සන්නිවේදන සමාගම්වලට ද ප්‍රබල අභියෝගයක් වෙමිනි.

මේ අනුව හඳුන්වා දෙන ලද Reliance Jio මඟින් ගන්නා ඇමතුම් සියල්ලම නොමිලේ වන අතර 4G දත්ත සේවා ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙනු ඇත.

මෙම නවතම හඳුන්වා දීමත් සමඟම තරඟකාරී අනෙකුත් සමාගම්වල කොටස් මිල ගණන් ඊයේ දිනයේ දී විශාල වශයෙන් පහළ යන ලදී. එහිදී Airtel 6.4% ක්, Idea Cellular 10.5% ක් හා Reliance Communications 8.81% ක් වශයෙන් කොටස් මිල කඩා වැටුණි.

පහත දැක්වෙන්නේ නවතම Reliance Jio ගාස්තු සටහනයි. ඊට අනුව සෑම පැකේජයකම ගන්නා ඇමතුම් සඳහා ගාස්තු නිදහස් වන අතර දත්ත සඳහා ද ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙන බව සඳහන් වේ.

Share on Google Plus

0 comments:

Post a Comment