වේවැල අතට ගන්න රනිල් සූදානම්.


එක්සත් ජාතික පක්ෂය ඉකුත් ජුනි මාසයේ ආරම්භ කරන ලද සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට අදාළව ප්‍රගතියක් පෙන්වා නැති ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පරිපාලන බලධාරීන්ට උපදෙස් දී තිබේ. 

පසුගිය ජුනි මස 23 වැනිදා සිරිකොත එජාප මූලස්ථානයේදී ආරම්භ කළ එජාප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන විද්‍යුත් සාමාජිකපත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එජාප සාමාජිකත්වය සියයට 20කින් වර්ධනය කිරීම පක්ෂයේ අපේක්ෂාව විය.ඒ අනුව ඉකුත් අගෝස්තු 31 වැනි දින වන විට ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් සියයට 75කට අධික ප්‍රමාණයක් සාමාජික ප්‍රවර්ධන කටයුතු සියයට 20-45ත් අතර ප්‍රමාණයකින් සපුරා තිබූ අතර අමාත්‍ය රවි කරුණානායක මහතාගේ සාමාජික ප්‍රවර්ධන කටයුතු සියයට 50 ඉක්මවා තිබිණි.

එහෙත් එජාප මැති ඇමැතිවරුන් වූ එජාප ආසන සංවිධායකයන් පිරිසකගේ සාමාජික ප්‍රවර්ධන කටයුතු දුර්වල වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති බවත් ලබන දෙසැම්බර් 31 වැනි දින දක්වා තම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන්ට කාලය ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බවත් සිරිකොත ප්‍රකාශකයෙක් ප්‍රකාශ කෙළේය. 

Share on Google Plus

0 comments:

Post a Comment