ආදායම් බදු එකතු කිරීම පි.බී.ගේ සමාගමකට?


ආදායම් බදු එකතු කිරීම ඇමෙරිකාවේ 'මැකන්ඩ්' නමැති සමාගමකට පැවරීමට මුදල් අමාත්‍යාශය තීරණය කර ඇති බවත්, එම සමාගමේ දේශීය නියෝජිතයා මුදල් අමාත්‍යංශයේ හිටපු ප්‍රධානියකු බවත් තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

මේ අතර දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජික පිරිසක්‌ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් ඊයේ (22) පැවසුයේ, ආදායම් බදු එකතු කිරීම ඇමෙරිකානු සමාගමකට පැවරීමෙන් දේශීය ආදායමෙන් කොටසක්‌ රටට අහිමි වන අතර රටේ ආරක්‌ෂාවටත් තර්ජනයක්‌ වන බවයි.

පාර්ලිමේන්තුවේ අනු දැනුමක්‌ නොමැතිව මුදල් ඇමැතිවරයාගේ තනි මතය අනුව රටේ ආදායම් එක්‌ රැස්‌ කිරීම ඇමෙරිකාවේ මැකන්ඩ් නමැති සමාගමකට පැවරීමට යාම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක්‌ නොවන බව දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයෝ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පැවසූහ.

රහස්‍ය තොරතුරු එලියට :

ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එච්. එල්. ඒ. උදයසිරි මහතා කරුණු දක්‌වමින් විදේශීය සමාගමට ආදායම් බදු රැස්‌ කිරීමට බලය පැවරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ ආයතනවල සහ පුද්ගලයන් සම්බන්ධව ලිපිගොනු මඟින් සියලු තොරතුරු සමාගම ලබාගන්නා බවත් එයින් සමාගම් හා පුද්ගලයන් සම්බන්ධ රහස්‍ය තොරතුරු අනාවරණය කරගන්නා බවත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පෙන්වා දුණි.

''රජයේ වාර්ෂික ආදායමෙන් සියයට පනහක්‌ම ලබා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. වසර 80 ක්‌ පමණ කාලයක්‌ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම කාර්යභාරය ඉතා සාර්ථක ලෙස ඉටු කර තිබියදී එම දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්‌ කරමින් විදේශ සමාගමකට පැවරීම මුදල් ඇමැතිවරයාගේ අත්තනෝමතික තීරණයක්‌ මත සිදු වන්නකැයිද'' උදයසිරි මහතා පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ උදයසිරි මහතා රජයට ආදායම් උපයා දෙන සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන තුන සුළු කොට සැලකිය යුතු නොවේ. නවතම තාක්‌ෂණික ක්‍රම හා තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වීම වැනි අංශ මඟින් රටේ ආදායම් රැස්‌ කිරීම තවත් ඉහළ යාමට ඉඩ තිබෙන අවස්‌ථාව ආදායමෙන් කොටසක්‌ විදේශ සමාගමකට ලබා දීමට යාමෙන් ජාතික වශයෙන් විශාල පාඩුවක්‌ සිදුවන බව පැහැදිලියි.

මේ අතර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 1500 ක්‌ පමණ දේශපාලන පත්වීම් ලබා දීමට රජය කටයුතු කරගෙන යන බවත් එයින් සිදුවන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් ලංකා ගමනා ගමන මණ්‌ඩලය වැනි ආයතනවල තත්ත්වයට පත්වී ගැටලුවලට මුහුණ දීම යෑයිද ඒ මහතා පැවසීය.

ඒකාබද්ධ කමිටු සාමාජික අජන්තා ගුණරත්න මහත්මිය අදහස්‌ දක්‌වමින් අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා රට, ජාතිය සහ ශාසනය අභියෝගවලට පත්වන සෑම අවස්‌ථාවකදී එහි ආරක්‌ෂාව සඳහා ඉදිරිපත් වීම සැමදා සිදුවී තිබෙන බවත් දේශීය ආදායම් රැස්‌ කිරීමද දැන් අභියෝගයකට මුහුණ දීමට යන මේ මොහොතේ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරිපත් වී රජයට සුදුසු උපදෙස්‌ ලබා දෙන මෙන් ඉල්ලා සිටින බව පැවසුවාය.

කමිටුවේ ලේකම් ජයන්ත බණ්‌aඩාර සහ ටී. පී. චන්දන යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ. මධ්‍යම පළාත් නියෝජ්‍ය ආදායම් කොමසාරිස්‌ ඩබ්ලිව්. එම්. එන්. වික්‍රමසිංහ මහතාද මෙම අවස්‌ථාවට සහභාගි විය.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment