මෛත්‍රී පාලනයත් මහින්දගේ අඩි පාරේම?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනය අද (04) දිනයේ කුරුණෑගලදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සිදු කෙරෙන කටයුතු සඳහා රාජ්‍ය දේපල යොදා ගනිමින් පවතින බව අනාවරණය වේ.

කුරුණෑගල නගරයේ සිදු කෙරෙන සැරසිළි කටයුතු වෙනුවෙන් අවට ප්‍රාදේශීය සභාවන්ගේ රථවාහන යොදාගෙන තිබෙන ආකාරය දැක්වෙන  ඡායාරූප පෙළක් මේ වනවිට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. ඒ අතර පඬුවස්නුවර, මාවතගම,වාරියපොළ යන පළාත් පාලන ආයතනයන්ගේ නම් සඳහන් රථවාහන යොදා ගෙන ඇති ආකාරය දක්නට ලැබේ.

රාජපක්ෂ පාලනය සමයේදීද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවෙන් දැවැන්ත ජනතා මුදලක් හා මහජන දේපල කිසිදු හිරිකිතයකින් තොරව භාවිතා කරනු ලැබීය. එය විවේචනයට ලක්කරමින් රටතුළ යහපාලනයක් ඇති කරන බවට ජනතාවට පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයද මේ වනවිට එම  අඩිපාරේම යමින් රාජ්‍ය දේපල සිය පක්ෂෙයේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටින බව තහවුරු වන්නේ යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.




Share on Google Plus

0 comments:

Post a Comment