කුඩුවලට එරෙහිව මෛත්‍රිගෙන් බරපතළ තීන්දුවක්. - Info Sri Lanka News | Sinhala

කුඩුවලට එරෙහිව මෛත්‍රිගෙන් බරපතළ තීන්දුවක්.


රට තුළ ක්‍රියාත්මක මත් කුඩු ව්‍යාපාරය සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ මාෆියාවට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු කොට ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පවතින නීති දැඩි කිරීමටත්, දැනට පවතින නීති තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරීමටත්, නව නීති හඳුන්වා දීමටත් පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇති බව දැනගන්නට තිබේ. 

එමෙන්ම මත්ද්‍රව්‍ය වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහිද ජනාධිපතිවරයා අවධානය යොමු වී ඇත. ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.


Share on Google Plus