පාක්ෂකයින් කලකිරීලා.


පක්ෂයේ සිටින ප්‍රබලයින් සංවිධායක ධූරවලින් ඉවත් කිරීම හේතුවෙන්  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇති වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.  මලයාසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

 “ඉවර කරපු යුද්ධයක් මම බාර ගත්තයි කියලා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් එයාලා කියනවනේ එයාලයි යුද්ධය ඉවර කළේ කියලා. මම මැලේසියාවට එන්න කලින් දැනන් හිටියා මට මේ තත්ත්වය උදාවෙනවයි කියලා. කොටි විරුද්ධ වුණා කියලා මම යන ගමන නවත්වන්න බැහැ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment