ජංගම දුරකථන සමාගමක් නිසා ලංකාවේ මර්මස්ථාන අනතුරේ?


මෙරට ක්‍රියාත්මක ජංගම දුරකථන සමාගමක අඩුපාඩුවක් හේතුවෙන් ලංකාවේ මර්මස්ථාන පරිඝණක ජාල දැඩි අනතුරකට ලක්ව ඇතැයි පොලිස් අභ්‍යන්තර මාර්ගවලින් වාර්තා වේ.

ජනපතිවරයාගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව මේ තොරතුරු හෙළිව තිබේ.

මේ අනතුරුදායක තත්ත්වය මතුව ඇත්තේ අදාළ සමාගමට Internet Protocol address backups (IP BACKUPS) නොමැතිවීමය.

එම තත්ත්වය හේතුවෙන් අදාළ දුරකථන සමාගමෙන් ඩේටා සිම් කාඩ් පතක් රැගෙන ඉන් යම් සයිබර් අනතුරක් සිදු කළ හොත් එය ඔප්පු කිරීමට හෝ එය සොයා ගැනීමට හැකියාවක් නොවේ.

මේ සමාගම මේවන විට ලබාදී ඇති දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇතැයිද පැවසේ.

අදාළ සමාගම සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු අප ඉදිරියේදී හෙළි කරන්නෙමු.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment