මලික් ජයතිලකටත් මෛත්‍රී මහින්ද පැටලේ.



යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන මලික් ජයතිලක මහතා විසින් රචිත "මා දුටු ජනවාරි 8 " කෘතිය ඊයේ(13) එළිදැක්වුණා.ඒ ජනපති මෙත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී සිදුවූ එක් සිදුවීමක් නිසා උත්සව අවස්ථාව කැළඹීමට පත්වුණා . ඒ මලික් ජයතිලක මහතා පිළිගැනීමේ කතාවේදී ජනපති මෙත්‍රිපාල සිරිසේන මහතාව "අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ " යනුවෙන් ඇමතීමෙන්.කෙසේවෙතත් පසුව මලික් ජයතිලක මහතා වරද නිවැරදි කරගත් අතර සුවිශේෂී සිදුවීමක් වුයේ ජනාධිපතිවරයා ද ඔහුගේ කතාවේදී එම සිද්ධිය සිහිපත් නොකිරීමයි.

පාඨලී චම්පික ,රාජිත සේනාරත්න , ලක්ෂ්මන් යාපා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විශාල පිරිසක් උත්සව අවස්ථාවවට සහභාගී වී තිබිණි.

ජනවාරි 8 විප්ලවය ගැන බොහෝ අය බොහෝ කතා කිවත් සැබෑ ලෙසම විප්ලවයේ තතු දන්නන් සිටින්නේ අතලොස්සකි.


Share on Google Plus

0 comments:

Post a Comment