ජෝන් ගේ දියණියත් රසවත් පුවත් මවයි.


ඇමති ජෝන් අමරතුංග යනු අපුරු පුවත් මවන්නෙකි. සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන පරිදි  අමරතුංග ඇමතිවරයාගේ දියණියගේ චීන ගමනත් ඇමතිතුමාගේ කථා ගොන්නට එක වීමට ඉඩ තිබේ.

වාර්තාවන ආකාරයට කතාව කෙටියෙන් මෙසේය.

චීනයේ සේද මාවත සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවටත් ආරාධනයක් ලැබිණ.

ඉපැරණි සියන්ග්  නගරයේ පැවති මේ උළෙලට රටවල් 50 සහභාගී වූ අතර ශ්‍රී ලංකා නියෝජනයට ඇමති දියණි අනු රසියා ද ඇතුළත් කෙරිණ.

එහෙත්  ඇයට කිසිදු නිල තනතුරක් නොවුණි. එබැවින්  සංචාරක අමත්‍යංශයේ ලේකම් පී. එච් . ජේ  සුගතදාස ඇයට ගමන් වියදම් ගෙවීම සඳහා වූ අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

යහ පාලනයේ සාධනීයබලපෑම හේතුවෙන් ගමන් වියදම් හෝ නිළ පිළිගැනීමක් නොවුනත් කිසි දෙයක පහසුවෙන් අත් නොහරින ජෝන් අමරතුංග  ඇමතිවරයා, අරමුදල් සම්පාදනය කිරීමට පසුබට නොවීය.

කෙසේ වෙතත් ඇමති ජොන්ගේ  දියණිය දුත පිරිස් සමඟ ගුවන් ගත වුවාය.

අහවල් කරුමයක් නිසාදෝ ජෝන් දියණිය ගේ අත් බෑගය අස්ථාන ගත වුයේ ගමන් බලපත්‍රයත් සමගින්ය.

සේද මාවත සම්න්ත්‍රණය හමාර විය. එහෙත් ඇයට රටින් පිට වීමට නොහැකි විය.

ඇමති ජෝන්  මේ වන විට ස්වකීය  බෑණා වූ දිනේෂ් වීරක්කොඩි සමඟ දකුණු කොරියාවට ගොසින්ය. ඒත් ඉතින් ගැටළුවක් නැත.

 චීනයේ වර්තමාන තානාපති  හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කුය.

 දුරකථන ඇමතුම් කීපයක් එහා මෙහා වීමෙන් අනතුරුව තානාපති කාර්යාල නිලධාරියෙක් ගුවන් මගින් බෙයිජින්ග් සිට සියන්ග් දක්වා ගියේය. ඒ හදිසි ගමන් බලපත්‍ර සහතිකයක් සමගින්ය.

දැන් ඇමති දියණිය පෙරළා සියරට පැමිණීමට සුදානමින් සිටින්නීය

(lankanewsline)

Share on Google Plus

0 comments:

Post a Comment