ඉන්දියාවෙන් ලංකාවට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැමිණෙයි?


පසුගියදා ස්වසන ආබාධයක් හේතුවෙන් හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ හඳුනා නොගත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයකින් බව හලාවත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

දඹදිව වන්දනාවේ ගොස් ආපසු පැමිණීමෙන් පසුව මෙම කාන්තාවන් දෙදෙනා රෝගීවී  රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඉන්ෆ්ලුවෙන්සා AH1, N1 රෝගීන් 4 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වන අතර ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හලාවත දිස්ත්‍රික් රෝහලේ එවැනි රෝගීන්ට ප්‍රතිකාරී කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවත් මෙවැනි විශේෂ රෝගීන් සදහා වෙනම ප‍්‍රතිකාර කිරීමට වුවමනා බැවින් ඒ සඳහා සුදුසු වාට්ටු සංකීරණයක් හෝ ප‍්‍රතිකාරවලදී  භාවිතා වන N95 දරන මුඛ ආවරණද ආවරණ ගවුම්ද (ඒප‍්‍රන්) ප‍්‍රමාණවත් තරම් අත්වැසුම්ද නොමැති වීම නිසා  රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි.

දැනට හලාවත මූලික රෝහලේ හඳුනාගෙන ඇති රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කිරීමත් සමග රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන්ද දැඩි අවධානමකට ලක්ව සිටින බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

Share on Google Plus

0 comments:

Post a Comment