GTA ට ලින්සේ දැමූ නඩුව විසිවෙයි.


ලොවපුරා අතිජනප්‍රිය පරිඝණක ක්‍රීඩාවක් වන ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ (Grand Theft Auto) හෙවත් GTA නිෂ්පාදකයන් ට එරෙහිව හොලිවුඩ් නිළි ලින්ඩ්සේ ලෝහන් ගොනු කර තිබුණු නඩුව පසුගියදා විසි වී ඇතැයි වාර්තා වේ.

මෙම ක්‍රීඩාවේ පස්වැනි කොටස හෙවත් GTA V හි නිරූපණය වන චරිතයක් වන 'ලේසි ජෝනාස්’, 2007 දී ගනු ලැබූ තමාගේ ඡායාරූපයකට බෙහෙවින් සමාන බවත්, GTA නිෂ්පාදකයන් එලෙස සිදුකර ඇත්තේ තමාගේ අවසරයකින් තොරව බවත් ලින්ඩ්සේ පවසා තිබුණි.

සිය රූපය මෙන්ම සිය කටහඞ හා තම ඇඟලුම් එකතුවේ විලාසිතා ද මෙම චරිතයෙන් නිරූපණය වන බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

මෙම නඩුව විභාගයට ගෙන තිබුණේ නිව්යෝක් අධිකරණයකදීය.

ලෝහාන් විසින් මෙම නඩුව ගොනු කර තිබුනේ මෙම ක්‍රීඩාව නිපදවූ ‘රොක්ස්ටාර් ගේම්ස්’ අයත් Take-Two Interactive Software Inc සමාගමට එරෙහිවයි.

Powered by Blogger.