මම මෛත්‍රිව හමුවුණේ නෑ.


තමා මිලින්ද මොරගොඩ මහතා සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවට සති අන්ත 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත පළ කර ඇති වාර්තාව සම්පූර්ණ අසත්‍ය එකක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමා හා ජනාධිපතිවරයා අතර එවැනි කිසිදු හමුවීමක් සිදුව නොමැති බවත් පුවත්පතේ සඳහන් වූ ආකාරයේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත්ය.

මේ සම්බන්ධයෙන් තමන් 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ කර්තෘවරයාට දුරකතනයෙන් කතා කළ බවත් අදාළ පුවත සම්පූර්ණ අසත්‍ය එකක් බවට ඒ මහතාට පෙන්වා දුන් බවත් හිටපු ආරක්ෂක ලේකම් මහතා අවධාරණය කර සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment