ඇමෙරිකාවේ භයානකම මිනිහා රුසියාවට පන්නපු ලංකාවේ තුන්දෙනා කවුද?


රාජ්‍ය රහස් හා තොරතුරු විශාල ප්‍රමාණයක් පිටස්තර ලෝකයට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ලෝක බලවතා වූ ඇමෙරිකාවට ඉතාමත් අවශ්‍ය කර තිබෙන තැනැත්තා වන එඩ්වර්ඩ් ස්නෝඩන්හට හොංකොංහි සැඟවී සිටීමට හා ආරක්‍ෂිතව හොංකොංවලින් පිටවීමට මඟ සැලසූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු වී තිබේ.

අමෙරිකානු පරිගණක වෘත්තිකයකු වූ එඩ්වඩ් ස්නෝඩන් ඇමෙරිකාවේ ඩෙල් සමාගමට මෙන්ම රහස් ඔත්තු සේවයට ද සේවය කළ අයෙකි. 2013දී ඇමෙරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය (ව්ඉඒ) ට එහි නියෝජිතයකු විසින් එඩ්වඩ් ස්නෝඩන්ව බඳවා ගන්නා ලද අතර 2013 මැයි 20දා හවායි හි පිහිටි ව්ඉඒ ආයතනයේ රැකියාව කළ ඔහු සිය රැකියාව හැරදමා හොංකොං වෙත පලාගියේය. ඔහු ජුනි මාසය මුල හරියේදී ඉතා රහසිගත ව්ඉඒ ලියකියවිලි දහස් ගණනක් මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ලබාදුන් අතර ඒවා ලොව පුරා ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍යවල පළවන්නට විය.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව 2013 ජුනි 21දා ස්නෝඩන්ට එරෙහිව චෝදනා දෙකක් ගොනු කළේය. ඒ 1917 රහස් ඔත්තු පනත උල්ලංඝනය කිරීමෙන් වරදක් කර ඇති බවටය. ජුනි 23දා රුසියාවේ මොස්කව් නුවර බලා ගුවනින් ගිය ඔහුට රුසියාව විසින් වසරක කාලයකට දේශපාලන රැකවල් සැලසීමට එකඟ විය. කෙසේ වුවත් මේ වන විටද ඔහු රුසියාවේ යම් තැනක දේශපාලන රැකවල් බලාපොරොත්තුවෙන් සැඟවී සිටින බව කියැවේ.

ඇමෙරිකානු ආරක්‍ෂක රහස් හෙළි කළද දූෂණයට එරෙහිව පෙළ ගැසෙන ලොව බොහෝ දෙනාගේ ආදරණීය වීරයකු බවට ස්නෝඩන් පත්ව සිටී. ඇතැමකු ඔහු රහස් පිටකළ දේශද්‍රෝහියකු ලෙස හැඳින්වුවද තවෙකකු ඔහුව හඳුන්වන්නේ දූෂණ විරෝධී දේශප්‍රේමියකු ලෙසයි. ස්නෝඩන්ගේ අනාවරණයන් තුළින් ඇමෙරිකාවේ රාජ්‍ය රහස් පිටතට ගියද ජාතික ආරක්‍ෂාව හා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය අතර තුලනයක් තබාගන්නේ කෙලෙසද යන්න පිළිබඳ බැරෑරුම් වාද විවාද ඇතිවිය.
මෙසේ ලෝකය තුළ සුවිසල් ආන්දෝලනයක් ඇති කළ එඩ්වර්ඩ් ස්නෝඩන්ට හොංකොංහි රැඳී සිටීමටත්, ආරක්‍ෂිතව හොංකොං සිට රුසියාව දක්වා පලා යෑමටත් උදවු උපකාර කළේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බව හෙළිවීමද ලෝකයේ කුතුහලය හා අවධානය යොමු කරන පුවතක් බවට පත්වීමේ පුදුමයක් නැත.

ස්නෝඩන්ට උදවු උපකාර කළ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පිළිබඳ හෙළිදරව්ව කළේ කැනඩාවේ පළවන ඛ්චදචඤච'ඵ ව්චබඪධදචත ර්ථීධඵබ නම් පුවත්පතට විශේෂ ලිපියක් ලියමින් තෙරේසා ටෙඩෙස්කෝ (ඊඥපඥඵච ඊඥඤඥඵජධ) නම් මාධ්‍යවේදිනියයි.

ස්නෝඩන්ට උදවු කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සෙබළකු වන අජිත්ය. අජිත්ද හොංකොංහි සරණාගත තත්ත්වයෙන් ජීවත් වූවෙකි. 2013 ජුනි 10දා අජිත් ගේ සංක්‍රමණික කටයුතු කරන නීතිඥවරයා අජිත්ව ඔහු වෙත කැඳවූයේය.

ඔහු කියා සිටියේ ඊඵඪථ ඉඩච ඊඵභඪ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැඟිල්ලේ පිටත නොසන්සුන් ලීලාවකින් සිටි නාඳුනන පුද්ගලයා 'ප්‍රසිද්ධ' අයකු බවත් ඔහුට 'ආරක්‍ෂාව' අවශ්‍ය බවත්ය. තවත් වැඩිදුර කරුණු කිහිපයක් කියුවත් ඔහු ඇමෙරිකාවට කරුණු වසං කරමින් සැඟවී සිටින්නකු බව හෙළිදරව් කෙරුණේ නැත.

හොංකොං දූපතේ බටහිර තුඩුවේ පිහිටි කෙනඩි නගරයේ (ම්ඥදදඥඤර ඊධඹද) හි අජිත් පදිංචිව සිටියේ එක් ජනේලයක් පමණක් ඇති කුඩා කාමරයකය. මේ නාඳුනන එහෙත් ප්‍රසිද්ධ පුද්ගලයාට උදවු කිරීමට ලැබීම ගැන තමා ඉතා සතුටු වූ බවත් ඔහුත් මා වැනිම සරණාගතයෙක් යන සිතුවිල්ල තමාට ඇතිවූ බවත් අජිත් පසුව කැනේඩියන් නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදිනිය සමඟ පැවැසුවේය.
හොංකොං කරා පැමිණි ස්නෝඩන් මාධ්‍යවේදීන් විසින් වටකරගනිමින් ඔහු හඹා ගියහොත් ඇමෙරිකාව වෙනුවෙන් වහා ඔහුව අත්අඩංගුවට ගැනීමට තායිලන්ත බලධාරීන් කටයුතු කරනු ඇතැයි සිතූ ඔහුගේ නීතිඥයෝ වහාම ස්නෝඩන් අතුරුදන් කරවීමට කටයුතු කළහ. ඒ අනුව 2013 ජුනි 10 සිට ජුනි 23 තෙක් ස්නෝඩන් ආගිය අතක් සොයා ගැනීමට කිසිවකුට බැරි විය.

එඩ්වර්ඩ් ස්නෝඩන් වෙනුවෙන් හොංකොංහි පෙනී සිටි ප්‍රධාන නීතිඥවරයා වූයේ රොබර්ට් ටිබ්බෝ (අධඡඥපබ ඊඪඡඡධ) ය. 'ඇමෙරිකාවට ඔහු ගැන තොරතුරු ඕනෑවී තිබුණේ. ඇමෙරිකාවට ඕන වුණේ ඔහුගේ කට වහන්නයි. අපේ ලොකුම බය තිබුණේ ඔහුව හොයාගනීවි කියන එක ගැනයි' නීතිඥ රොබර්ට් ටිබ්බෝ කියයි.
ස්නෝඩන්ට කළු පැහැ තොප්පියක් පලඳවා, කණ්ණාඩි යුගලක් දමා වෙස්මාරු කරගත් නීතිඥවරු දෙපළක් ඔහුව කාරයකින් හොංකොංගි දිළිඳු ජනාකීර්ණ පෙදෙසක පිහිටි ආරක්‍ෂිත ස්ථානයකට ගෙනගියහ. ස්නෝඩන් ගියේ ඉතා කුඩා, අපිරිසුදු අඳුරු කාමර ඇති පෙදෙසකටය. එහි වර්ග අඩි එකසිය පනහක පමණ කාමරයක හතර දෙනකු පමණ වාසය කරති. ඔවුන් එහි ගිය පසු ජංගම දුරකතනවල බැටරි ඉවත් කෙරුණු අතර සිම් කාඩ්පත් ඉවත් කොට පරිගණක හරහා සන්නිවේදනය ආරම්භ කෙරිණි. ස්නෝඩන් කලාතුරකින් එළියට බැස්සේ අනෙකුත් සරණාගතයන් අතර පහසුවෙන් හඳුනාගත නොහැකි රාත්‍රි කාලවලදී පමණි.

'අපි ඔහුව තැබුවේ කිසිවකු සොයා නොබලන තැනකයි. එවැනි ප්‍රසිද්ධ පුද්ගලයකු එවැනි තැනක සිටියැයි කිසිවකු සිහිනෙන්වත් සිතන්නේ නැහැ' නීතිඥ වෘත්තියේ පහළොස් අවුරුද්දක අත්දැකීම් ඇති නීතිඥ රොබර්ට් ටිබ්බෝ පවසයි. ඔහු සමඟ ස්නෝඩන් සැඟවීමට කටයුතු කළ අනෙක් නීතිඥවරයා ජොනතන් මාන් (බ්ධදචබඩචද ර්චද) නම් වූ අතර සරණාගතයන්ගේ ප්‍රශ්න විස¼දා ගැනීමට තමන් උදවු වූ නිසා කිසිවිටෙක සරණාගතයන් තමන්ට ද්‍රෝහි නොවන බව දැන සිටි බව කියයි.
මෙතෙක් කල් ස්නෝඩන් ඔහුගේ නීතිඥවරු දෙදෙනා හා අදාළ සරණාගතයන් පමණක් දැන සිටි මෙම රහස අනාවරණය වන්නේ ස්නෝඩන් ගේ ජීවිත කතාව අලළා හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යද්දීය. ඔලිවර් ස්ටෝන් විසින් අධ්‍යක්‍ෂණය කර ස්නෝඩන් කෝපරේෂන් මඟින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය මෙම සැප්තැම්බර් 9දා ටොරොන්ටෝ සිනමා උළෙලේ ප්‍රදර්ශනයට නියමිතව තිබිණි.

'ලෝකයේ ඉතාම අවශ්‍ය කරන වරදකරුවා ඔබේ ‍ෙදාර ළඟ සිටියදී ඔහු සඳහා ඔබ ‍ෙදාර අරිනවාද? ඔවුන් ඒ ගැන පොඩ්ඩක්වත් මැළිවුණේ නෑ. මා හැමවිටම ඒ ගැන කෘතඥ වෙනවා.' යැයි ස්නෝඩන් ප්‍රකාශ කරයි.
ස්නෝඩන්ට රැකවල් සෑදූ අනෙක් ශ්‍රී ලාංකික පවුල වන්නේ කොළඹ සිට පැමිණ 2005 හොංකොංහි සරණාගත තත්ත්වයෙන් පසුවන 32 හැවිරිදි සුපුන්ගේ පවුලයි. සුපුන් ඔහුගේ සහකාරිය නදීකා හා අවුරුද්දක් වයසැති දියණිය ස්වශ්තිකි ජීවත් වන්නේ ඹ්චඪ ඛ්ඩඪ ම්ධඬ ප්‍රදේශයේ ම්ධඹතධධද හි වර්ග අඩි එකසිය පනහක් වූ කුඩා නවාතැන්පළකයි. 2013 ජුනි 10දා සුපුන්ගේ ජංගම දුරකතනයට කතා කරන්නේ ඔහුගේ ආගමන විගමන කටයුතු කළ රොබර්ට් ටිබ්බෝ නම් නීතිඥවරයායි.
සුපුන්ට ඇවිදින මං තීරුවේදී තමන්ව හමුවන ලෙස දැන්වූ ටිබ්බෝ අනෙක් නීතිඥවරයා හා ස්නෝඩන් සමඟ පැමිණියේය. සුපුන් කුඩා දියණියද සමඟ එළියට පැමිණි විට ස්නෝඩන්ව නවතා ගන්නා ලෙසත් ඔහුට කෑම බීම දෙන ලෙසත් කියා කිසිවකු සමඟ ඔහු ගැන කතා නොකරන ලෙසත් දැන්වීය. සුපුන් ඉතා ගැටලු සහගත තත්ත්වයට පත්වුවත් ඊට එකඟ විය.

ස්නෝඩන් ඔහු නැවැතී සිටි හෝටලයෙන් පැනවිත් සිටින බවටත් ඇමෙරිකාවේ ආරක්‍ෂක තොරතුරු රැසක් මාධ්‍යවේදීන් අතට පත් කොට තිබූ බවටත් ඒ වන විට සුපුන් දැන සිටියේ නැත.
හොංකොංවලින් ආරක්‍ෂිතව පිටකරන තුරු ස්නෝඩන් ආරක්‍ෂිතව තැබීමට නීතිඥවරුන්ට අවශ්‍ය වී තිබිණි. එහෙයින් කුණුවැකුණු හා පැළී ගිය බිත්තිවලින් යුත් ගොඩනැඟිල්ලක වූ සුපුන් ගේ නවාතැන් ස්ථානය තෝරා ගැනිණි.
එම ගොඩනැඟිල්ලේ උණුසුම, තෙතමනය හා ඒ හේතුවෙන් ඇති දුර්ගන්ධය එමෙන්ම ගඳ ගහන කුණු ගොඩවල් ස්නෝඩන් කෙලෙස විඳ දරා ගත්තාදැයි නොදන්නා මුත් අවසානයේදී ඔහුගේ ජීවිතය රැකී තිබිණි. පහසුකම් අඩු ඒ ගොඩනැඟිල්ලේ වියට්නාම්, ඉන්දුනීසියානු, පිලිපීන, අප්‍රිකානු හා ශ්‍රී ලාංකේය සරණාගතයෝ පදිංචිව සිටියහ. ඔවුන්ට ජාත්‍යන්තර සමාජ සේවා (ධ්ඉඉ) පහසුකම් ලැබේ.

ආගන්තුකයා කෑමට කැමැති කුමක්දැයි ඇසූ සුපුන්ට ලැබුණු පිළිතුර වූයේ ඔහු බර්ගර්ස් හා ස්පැගට් කෑමට ප්‍රිය කරන බවයි. නීතිඥ ටිබ්බෝ සුපුන් වෙත මුදල් ලබාදී තිබුණෙන් සුපුන්ට ස්නෝඩන් ඉල්ලන ආහාර මිලදී ගැනීමට හැකි විය. ගෙදර තිබූ එකම ඇඳ ඔවුන්ගේ ආගන්තුකයා වූ ස්නෝඩන් වෙනුවෙන් පිළියෙල වූයේ නදීකා ගේ අතිනි.

පසුදා උදෑසන සුපුන් ඉධභබඩ ඛ්ඩඪදච ර්ධපදඪදඨ ර්ථීධඵබ නමින් ඉංග්‍රීසි බසින් පළවන පුවත්පත නිවෙසට රැගෙන ආවේය. කිසිදා එය කියවීමට නොගෙනෙන නමුත් ඔහු එය ගෙන ආවේ තමන්ගේ ඇඳේ නිදන මිනිසා එම පුවත්පතේ මුල පිටුවේ විශාල ඡායාරූපයක සිටින මිනිසාමදැයි නදීකා හා සමඟ සැක හැර දැනගැනීමටය.
'අපි ඉතාමත් පුදුමයට පත්වුණා. මේ ප්‍රසිද්ධ පුද්ගලයා අපේ ගෙදර ඉන්නවා දැකලා. අපට ඒක විශ්වාස කරගන්න බැරිවුණා.' නදීකා කැනේඩියන් නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදිනිය සමඟ පවසා තිබිණි.

ස්නෝඩන් නිරතුරුවම කාමරයේම රැඳී සිටියේය. කාමරය ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය වූ විට නදීකා ඔහුගෙන් නානකාමරයට යන ලෙස ඉල්ලා සිටියාය. වරෙක ස්නෝඩන් සුපුන්ලාගේ ඩෙල් පරිගණකය ගලවා තබන ලෙස ඉල්ලා සිටියේ තමා සිටින තැන ඒ හරහා හඳුනාගනීවි යැයි ඔහු සැක කළ බැවිනි. ස්නෝඩන් තවත් වරෙක ළඟ ඇති පරිගණක අලෙවිසලෙන් විශේෂ මෘදුකාංගයක් ගෙන එන ලෙස සුපුන්ට කීවේ සන්නිවේදන කටයුතු සඳහාය.

ස්නෝඩන් අජිත් සමඟ සිටියේ එක් රාත්‍රියකි. ඒ ජුනි 21දාය. එය ඔහුගේ උපන් දිනයද විය. කොළඹින් පිට කුඩා නගරයක ජීවත් වූ අජිත් 2003දී හොංකොං කරා පැමිණ ඇත. තමා සමඟ සිටි ආගන්තුකයා ඉමහත් තැතිගැන්මෙන් සිටි බව අජිත් කියයි. භාෂා බාධකය නිසා අජිත් හා ස්නෝඩන් අතර වැඩියමක් කතා බහක් සිදුවී නැත.

මේ වන විට තිස් තුන් වියේ පසුවන එඩ්වඩ් ස්නෝඩන් තවමත් ඇමෙරිකාවට ඉතාම අවශ්‍ය කරන වරදකරුවෙකි. සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම තහවුරු කරන්නේ නම් නැවත ඇමෙරිකාවට පැමිණෙන බව ඔහු කියා සිටින අතර ස්නෝඩන්ගේ නීතිඥවරු බලාපොරොත්තු සහගතව ඔහු වෙනුවෙන් නීතිමය කටයුතු කරමින් සිටිති.

Share on Google Plus

0 comments:

Post a Comment