ක්‍රිකට් බෝර්ඩ් ගයාත්‍රිට ලිංගික අතවර?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ලේකම්වරියක ලෙස සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට එහි ප්‍රධානීන් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව හෙළිවී තිබේ.

මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට (31) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදීය.

එහිදී තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇතුළු එහි ප්‍රධානීන් කිහිපදෙනෙකු ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව විනය පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේ ගයාත්‍රි පවසා තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙළෙඳ අංශයේ අලෙවි නිලධාරිනියක ලෙස සේවය කළ නවුචලී නැමැති තරුණියගේ කොන්ත්‍රාත් කාලය දික් කිරීමට ඈෂ්ලි ද සිල්වා ලිංගික අල්ලස් ඉල්ලූ බව ඇය ක්‍රිකට් ආයතනය තුළ ප්‍රචාරය කර තිබිණි.

කෙසේවවුද ඇතිවී ඇති තත්ත්වයත් සමඟ වැඩතහනමට ලක්ව සිටි ගයාත්‍රි වික්‍රමසිංහගේ වැඩ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බවද වාර්තා වේ.

මේ අතර, ලංකා නිවුස් වෙබ් වෙත වාර්තාවන්නේ ගයාත්‍රිට යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේ සමඟ තරගයක් අතර තුරදී ඔහු නැවතී සිටි හෝටලයෙන් රාත්‍රියේ පිටව ගොස් හිමිදිරි උදයේ නැවත හෝටල් කාමරයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි.

Share on Google Plus

0 comments:

Post a Comment