මහින්දගේ බාල පුතා FCID යට.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට ද වාහන අවභාවිතව සම්බන්ධ චෝදනාවක් එල්ලවී ඇති අතර ඒ අනුව ඔහුව ද ළඟදීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා පාවිච්චිකළ වාහන සම්බන්ධයෙන් සුරේෂ් එදිරිසිංහ නැමැත්තා විසින් FCID යට ලබාදී ඇති ප්‍රකාශයක් මත මෙම කැඳවීම සිදුකරන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉඟුරු කඩේ හන්දියේ ඇති එදිරිසිංහ ඔටෝකෝට් සමාගමේ අයිතිකරුගේ වැඩිමල් පුතුවන සුරේෂ් එදිරිසිංහ මහතාව පසුගියදා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට කැඳවා දීර්ග වශයෙන් ප්‍රශ්න කර තිබිණ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂවරයකු වන සුරේෂ් එදිරිසිංහ මහතාව එසේ කැඳවා තිබුනේ, නාමල් රාජපක්ෂ මහතාගේ වාහන ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහාය.

වර්තමානයේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ කිට්ටුම හිතවතෙක් වන සුරේෂ් මහතා, පසුගිය රජය පැවැති සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ගේ කිට්ටුම මිත්‍රයකු වී සිටි බවද පැවසේ.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment