ඇමති ලේකම්වරියක් ගැන FCID විමර්ශනයක්.


ප්‍රබල ඇමැතිවරයකුගේ තරුණ පෞද්ගලික ලේකම්වරියකගේ දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

අගමැති කාර්යාලයේ පැමිණිල්ලක් මත පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව එම විමර්ශනය සිදුකෙරේ.

කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා මෙරටදී එකලස් කරන ලද වාහන සඳහා බලපත්‍ර ලබාදීමේදී  මෙම ලේකම්වරිය රුපියල් කොටිගනනක වංචාවක් සිදුකර තිබු බවට අගමැති කාර්යාලයට තොරතුරු වාර්තාවී ඇත.

ඒ අනුව අදාළ ලේකම්වරිය FCID යට කැඳවා මේවනවිට කිහිපවරක්ම කට උත්තර ලබාගෙන තිබෙන අතර, ඉදිරිදින කිහිපය තුලදී තුලදී වාහන ව්‍යාපාරයට සම්බන්ධ ඇයගේ පියා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 

මේ අතර, වාහන පන්සීයකට අධික ප්‍රමාණයකට අයත් ලිපි ගොනු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ දූෂණ සහ අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බවට මෙම ලිපි ගොනු අස්ථානගත වීමත් සමඟ සාධාරණ සැකයක් මතු වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා බීබීසී සංදේශය' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 

අතුරුදහන් වී ඇති ලිපිගොනු සහ ඊට අදාල වාහන පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එහිදී සඳහන් කළේය.

රේගුවෙන් නිදහස් වන වාහන ලියාපදිංචි කිරීමේ දී රේගුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර තොරතුරු හුවමාරුවක් සිදු වීමට අන්තර් පරිගණක සබඳතා නොමැති වීම නිසා බොහෝ වංචා සිදුවන බව ඔහු කියා සිටියේය.

රාජ්‍ය ආයතන තිස්හතක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නිරීක්ෂණයට ලක් වී ඇති බවත් එම ආයතන තුළ සිදු වන අක්‍රමිකතා මග හරවා ගත හැකි ගැටලුකාරී ස්ථාන හා සම්බන්ධ කරුණු දෙසිය තිස් අටක් හඳුනා ගෙන ඇති බවත් ඔහු පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment