නාමල් පැද්ද කාර් එකක් පාතාලෙන් FCIDයට.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේදීයි.

පසුව එය පාතාල සාමාජිකයෙකු බව කියන ‘ජී බෝයි’ නමැත්තෙකුට අලෙවි කර ඇතැයිද සැකකෙරෙනවා.

මේ අතර අදාල රථය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය යොදා ගෙන තමන් එම මෝටර් රථය මිළදී ගත් බවයි.

කෙසේ වෙතත් මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ අතර බැංකු ණයක් ලබා ගෙන තමා එම මෝටර් රථය මිළදී ගත් බවත් මෝටර් රථය පොලිසිය භාරයට ගැනීමට හේතුව කුමක් දැයි තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment