විද්‍යුත් වෙළෙඳ‍පොළෙහි අලෙවි කෙරෙන තරුණියන්ගේ පිවිතුරු බව.


මේ හැම දෙයක්ම මුදලට ගත හැකි යුගයකි. ඒ අනුව පෙර දිග සමාජයෙහි කිසිසේත්ම මුදලට ගත නොහැකි යැයි පැවසෙන දේ පවා අද වන විට බටහිර සමාජයේ මුදලට අලෙවි වෙන තත්ත්වයක් ඇති වී තිබේ. එකල පෙර දිග සමාජයෙහි ගැහැනියට හිමි වූයේ සුවිශේෂී තැනකි. ඒ ඇය පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස සැලකූ බැවිනි. එහෙත් ඒ පාරිශුද්ධත්වයෙහි සංකේතය අද විද්‍යුත් වෙළෙඳ‍පොළෙහි විවිධ මිල ගණන්වලට වෙන්දේසි වන භාණ්ඩයක් බවට පත්වී තිබිම නම් සංවේගයට කරුණකි. වැඩිවිය පත්වූ සෑම යුවතියක්ම විවාහය තෙක් කුමරි බඹසර රැකීම පෙරදිග සමාජයේ දැඩි ලෙසම අපේක්ෂා කරනු ලැබූවකි.

එහෙත්, ඒ යුගය ඉතිහාසයට එක්වී හමාරය. කලකට ඉහතදී ‘Miss Spring’ නමැති අන්වර්ථ නාමයෙන් තමන්ව හඳුන්වාගත් එක්තරා කොරියානු යුවතියක් තම දිළිඳු කම ජය ගන්නට සිතා අපූරු වෙළෙඳ දැන්වීමක්. වබේ අඩවියක් ඔස්සේ පළ කරනු ලැබුවාය. දැන්වීමට අනුව ඇය ‘ඉහළ මිලක් ගෙවිය හැකි ගැනුම්කරුවන් සොයන්නට වූයේ අන් කිසිවකට නොව; යුවතියක ලෙස මතෛක් රැකගත් පාරිශුද්ධත්වය අලෙවි කරන්නටය.

“මගේ දැන්වීම දැකපු පිරිමින් ඒ ගැන මගෙන් විමසන්න පටන් ගත්තේ දැන්වීම පළකර පැය දෙක තුනක් වත් ගතවෙන්න කලිින්. ඒත් කනගාටුවට කාරණාව නම් ඒ හැම කෙනෙක්ම ඉදිරිපත් කළේ බොහෝම අඩු මිලක් වීමයි. ඉහළ මිලක් ගෙවන්න ඉදිරිපත් වුණේ ගැනුම්කරුවන් දෙන්නෙක් විතරයි. “මිස් කිමි; ඒ පිළිබඳව පසුව අනාවරණය කරන්නට වූවාය.

ඒ ගනුදෙනුවට අනුව ඇයගේ පිවිතුරු බව වෙනුවෙන් වැඩිම මිලක් ගෙවන්නට එකඟ වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ගනුදෙනුව සිදුකිරීම සඳහා බ්‍රිතාන්‍යයට යාමට සූදානම් වූ ‘මිස් කිමි’ තමන් වෙත එල්ල වූ අපහාස, උපහාස හමුවේ නොසැලී සිටියද අවසානයේදී තමා මෙවන් තත්ත්වයකට පත්වූයේ කිමදැයි මාධ්‍යයට අනාවරණය කළේ අසා සිටියවුන්ගේ දෑස් කඳුළින් තෙත් කරවමිනි. ‘තරුණියක් විදියට මගේ පිරිසිදුකම විවාහය තෙක්ම ආරක්ෂා කර ගන්න ඕනෙ කියන එක මම නොදැන හිටිය ‍නෙවෙයි. ඒත් දුප්පත්කම හින්දම හැමදාම අනුන්ගෙන් ණය ඉල්ලන්න අපට සිද්ධ වුණා. ඒ ණය ගෙවා දමන්න අපි ජීවත් වුණ ගෙදරත් විකුණන්න වෙලා. දැන් ඉතින් ඊළඟට ඉතිරි වෙන්නෙ මහ පාර විතරයි. එහෙම පාරට වැටුණොත් කොහොමටවත් මගේ පිරිසිදුකම රැකගෙන ඉන්න ලැබෙන්නෙ නැහැ.

ඒ හින්දා තමයි පිවිතුරුකම විකුණලා හරි ජීවිතේට මුහුණ දෙන්න හිතුවෙ.” ස්ප්‍රිං පැවැසූයේ තිත්ත වුවත් ඇත්ත හෙළි කළ යුතු යැයි සිතූ නිසා විය හැකිය.

මිස් ස්ප්‍රිංගේ මේ අපූරු වෙළෙඳාම පිළිබඳ ඇසීමත් ඉහ මොළ රත් කරවන්නට සමත් කරුණක් වුවත්, විද්‍යුත් වෙළෙඳපළේ ‘කන්‍යා භාවය’ විකිණීමට ඉහළ මිලක් ගෙවන ගැනුම්කරුවන් සෙවූ එකම යුවතිය ඇය නොවේ.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවී අවසානයෙහිදී ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පෑම හේතුවෙන් මුදල් සොයන්නට පිවිතුරු බව ‘වෙන්දේසියේ’ දමන යුවතියන් පිළිබඳ ශෝකාන්තය තමන් පෞද්ගලිකවම දැන සිටින බැව් ඇමෙරිකාවෙහි උසස් අධ්‍යාපනයෙහි නිරත සිසුවකු වරක් ප්‍රකාශ කොට තිබිණි.

“ඒත් ඇත්ත කතාව නම් මේ යුවතියන් කිසිකෙනෙක් තමන්ගේ හැබෑ නමින් පෙනී නොසිටීමයි. ඒ තුළින් ඔවුන් සමාජ අපහාස උපහාසයට ලක්වෙන්න ඉඩ ඇති බව ඔවුන් නොදැන සිටිනවා නොවෙයි.
මුලදි විද්‍යුත් වෙළෙඳපළ හරහා ‘පිවිතුරු බව‘ වෙන්දේසි කිරීම අපහසු වූවක් නොවූවද සුළු මුදලක් වැය කොට කන්‍යා පටලය පිළිසකර කිරීමේ අවස්ථාව උදාවීමත් සමගින් තමන් වෙත අලෙවි කරන ‘පිවිතුරු බව’ පිළිබඳ ‘ගැනුම්කරුවන්්’ අතර සැක පහළ වීම තුළ අද එය එතරම්ම පහසු කාර්යයක් වී නොමැත.

“විද්‍යුත් වෙළෙඳපළ හරහා ඕනෑ මළඉලව්වක් විකුණා දමන්නට හැකි යැයි ඇතැමුන් සිතුවත් එය එසේ නොවෙයි. තම ‘පිවිතුරු බව’ වංචා සහගත බොරු රැවටිල්ලක් නොවන බව ගැනුම්කරුවන්ට තහවුරු කරන්නට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට ගත් වාර්තාව පවා ඇතැම් යුවතියෝ ඉදිරිපත් කරති. එහෙත් විද්‍යුත් වෙළෙඳපළෙන් ඒවා ප්‍රතික්ෂේපවීම හේතුවෙන් තම අදහස් ලත් තැනම ලොප් කර දමන්නට ඇතැමුන්ට සිදුවී තිබේ.

මේ අතර තමන් පරිහරණය කළ යට ඇඳුම් පිරිසිදු කර විද්‍යුත් වෙළෙඳපළ හරහා අලෙවි කිරීම කරළියට පැමිණි ‘තවත් වෙළෙඳාමක්’ බවට පත්වී ඇත.

යුවතියක පරිහරණය කළ යට ඇඳුම් මිලදී ගැනීමට තරම් උන්මාදයෙන් පෙළෙන වුන් සමාජයේ සිටින බැව් අවබෝධ කරගත් එක්තරා යුවතියක් මෙම අපූරු උන්මාදයෙන් මුදල් මවන්නට අවස්ථාවක් කරගැනීමට සිතුවා විය හැකිය.

තමන්ට අයත් යට ඇඳුම් කට්ටල දහ අටක් එම යුවතිය විසින් විද්‍යුත් වෙළෙඳපළ හරහා ඇසි පිය හෙළන සැණින් අලෙවි කිරීමත් සමග කිසිදු වටිනාකමක් නොමැතිව ඉවතලා තිබූ යට ඇඳුම් හොර රහසේම විකුණා දමන්නට අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෝ හොයන යුවතියන් ගණන් දෙතුන් දෙනකුට සීමා වී ඇත.

මේ යට ඇඳුම් විකිණීමේ අපූරු කලාව පිළිබඳ ඇසීම පවා විටෙක හාස්‍ය උපදවන සුලු වූවකි. එහෙත් කාන්තාව ලෙසින් මව් පදවිය උරුම කර ගැනීමට ඉවහල් වන ඩිම්බ (egg) පවා ‘අලෙවි භාණ්ඩයක්’ බවට පත්වීම නම් විශ්වාස කළ නොහැකි තරම්ය.

මෙසේ කාන්තා ඩිම්බ මිලදී ගන්නා ‘ඒජන්සිකරුවන්’ හේතුවෙන් ඩිම්බ විකුණා දමා මුදල් සොයන්නට පෙළ ගැසුණු යුවතියන් පිළිබඳ ආසියාකරයෙන් වාර්තා වීම නම් ශෝචනීය බැව් කිව යුතුමය.

වරක් ඩිම්බ මිලදී ගැනීමට ‍පොරකා ඒජන්සිකරුවන් අතර වූවෙකු ඒ පිළිබඳව අපූරු දැන්වීමක් විද්‍යුත් වෙළෙඳපළ හරහා පළකොට තිබිණි.
“ඔබ රූමත් ආසියානු යුවතියක්ද? එසේ නම් ගණිතය විෂය පිළිබඳ හසළ දැනුමක් ඇත්තියක්ද? මෙම සුදුසුකම් ඔබ ළඟ ඇත්නම් ඔබ ලබාදෙන ඩිම්බයක් (egg) වෙනුවෙන් කොන්ඩෝ රථයක් මිලදී ගැනීමට අත්තිකාරමක් ගෙවන්නට තරම් වටිනාකමක් ලබා දෙන්නට අපි සූදානම්.......” මේ එම වඩාත් පෙළඹවීම ඇති කරවන සුලු වූ දැන්වීමෙහි වන එක්තරා කොටසකි.

මෙම ඩිම්බ මිලදී ගැනීමේ යෙදී සිටිනවුන් අතර වන ඇතැම් චීන ජාතික ඒජන්සිකරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි නිරතවන යුවතියකගෙන් ඩිම්බ ලබා ගැනීම සඳහා යෙන් තිස්දහසත්, හතළිස් දහසත් අතර මුදලක් ගෙවා දමන්නට මැළි නොවෙති.

එහෙත් මුදලට ගිජුවී ඩිම්බ විකුණන්නට පෙළඹෙන යුවතියන් මෙම ‘ඩිම්බ ලබාගැනීම’ සඳහා සිදු කරන කාර්යය හේතුවෙන් මුහුණ පෑමට සිදුවිය හැකි අතුරු විපාකයන් පිළිබඳව කිසිවක් නොදනිති.
ඇතැම් විට අධික රුධිර වහනය, ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකිය. එවැනි ආසාදන තත්ත්වයන් කාන්තාවකගේ සරු බව හීන කර දැමීමටද හේතුවක් විය හැකිය.

මනුෂ්‍යත්වයේ නාමයෙන්, යමෙකු ජීවත් කරවන්නට, පෙනීම, ලබාදෙන්නට සිතා ශරීරයේ විවිධ කොටස් දන් දුන්නවුන් පිළිබඳව අප කොතෙකුත් අසා ඇත්තෙමු.

එහෙත් මේ එවැනි ‘දන්දීමක්’ පිළිබඳ කතාවක් නම් නොවේ. සමාජයට සිදුවන මෙවැනි සිදුවීම් දෙස බලන විට මෙසේ ‘බිජ’ විකුණා දමා කාන්තාවකගේ ශාරීරික තත්ත්වය පිරිහීම එක්තරා අන්දමකි. අවදානමකි. එහෙත් චීන ජාතික මහාචාර්යවරයකු පවසන්නේ “මෙම කායික අවදානමටත් වඩා මෙයින් ඇතිවන මානසික තත්ත්වය” මුළු ජීවිත කාලය පුරාම බලපාන්නක් විය හැකි බවකි.

(lakbima)

Share on Google Plus

0 comments:

Post a Comment