දුමින්දගේ වාර්ෂික දළඳා පුජාව.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු පවුලේ ඥාතීන් විසින් මහත් ගෞරව භක්තියෙන් යුතුව වාර්ෂිකව පවත්වන ශ්‍රී දළදා පුජාව පසුගිය 12 හා 13 දෙදින පැවැත්විණි.

12 වැනි දින සවස ගිලන්ද පස පූජාව පවත්හවා, පසුදා (13) බුද්ධ පුජාව පවත්වනු ලැබීය. පාරම්පරිකව පවත ගෙන එන චරිත්‍රනුකුලව බුද්ධ පූජාව රාජ භෝජනයක් ලෙසින්ම ශ්‍රී දළදා මාලීගාවේ මුළුතැන් ගෙයි පිළියෙල කර මහත් ගෞරව භක්තියෙන් යුතුව බුද්ධ පූජාව පවත්වනු ලබයි.

අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළිගන්වා , අටපිරිකර සෙසු පිරිකර පූජා කිරීමද සිදු කෙරිණි.අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පිං අනුමෝදන් කිරීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, අමාත්‍යය දුමින්ද දිසානායක මහතගේ මව ජයනී තිසේරා දිසානායක, අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සොයුරන් වන කවින්ද දිසානායක, රවින්ද්‍ර දිසානායක, අමිල දිසානායක යන මහත්ම මහත්මින් , බර්ටි දිසානායක මැතිතුමන්ගේ සොයුරු ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා ඇතුළු දිසානායක පවුලේ ඥාතීන් , හිතමිතුරන් හා පවුලේ සමීපතමයින් විශාල පිරිසක් සහභාගී වූහ.

Share on Google Plus

0 comments:

Post a Comment