ඩොමිනෝස් පීසා ගුවනින් බෙදාහැරීම සාර්ථකයි.


ඩොමිනෝස් පීසා එන්ටප්‍රයිස් ලිමිටඩ් හා Flirtey අතර වාණිජමය ඩ්‍රෝන භාවිතයෙන් පීසා බෙදාහැරීමේ සේවාවක් ලොව පුරා ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. Flirtey යනු ඩ්‍රෝන භාවිතයෙන් භාණ්ඩ බෙදාහැරීම සම්බන්දයෙන් ලොව ප්‍රමුඛතම සමාගමයි. මීට අදාළ ගිවිසුමට මෙම සමාගම් විසින් පසුගිය සතියේ දී එළඹෙන ලදී.

මේ කර්තව්‍යයට මුලපිරීමක් වශයෙන් පළමු නියමු ව්‍යාපෘතිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී පසුගිය අගෝස්තු 25 වන දින දියත් කරන ලදී. මේ සඳහා නවසීලන්තයේ සිවිල් ගුවන්සේවා හා ප්‍රවාහන අමාත්‍යවරයාගේ අධීක්ෂණයද ලැබී තිබේ.

ඩෝමිනෝස් සමූහ ප්‍රධාන විධායක හා කළමනාකාර අධ්‍යක්ෂ Don Meij මෙහිදී පැවසුයේ, මාර්ග තදබදය හා ප්‍රවේශය අපහසු වීම යනාදී හේතු ගණනාවක් මූලික කොට ගෙන තම සේවාදායකයින් හට වඩා ත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙවැනි මුලපිරීමක් සිදුකළ යුතු බවයි. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකිරීමට ද සමාගම පියවර ගෙන තිබෙන බව ඩෝමිනෝස් සමූහ ප්‍රධාන විධායක හා කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ඉදිරියේ දී මෙම සේවාව ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ජපානය හා ජර්මනිය වැනි රටවල ද අත්හදා බැලීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Flirtey සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Matt Sweeny පවසන්නේ නවසීලන්තය යනු වඩාත් දූරදර්ශී සිවිල් ගුවන්සේවා දැක්මක් සහිත රටක් බවත් එවැනි රටක මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම පහසුවක් බවත්ය.

මෙහිදී රාත්තල් 5.5 ක බරක් එකවර සුරක්ෂිතව ඩ්‍රෝන හරහා ප්‍රවාහනය කළ හැකි බව තහවුරු කර තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment