CSN නාලිකාව රාජසන්තකයි?


කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් නාලිකාව රජයට පවරා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව වාර්තා වේ.

අදාළ සමාගමට නිසි හිමිකරුවකු නොවීම මෙසේ රාජසන්තක කිරීමට ඉඩකඩ සෙවීමට හේතුව බව පැවසේ.

කෙසේවුවද, අදාල සමාගම නමට ඇති සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි සංඛ්‍යාත පිළිබඳව මේ නීතිමය තත්ත්වය ගලපන ආකාරය සම්බන්ධයෙන් ගැටලු පැවැතීම මෙසේ නීති උපදෙස් ලබා ගැනීමට තවත් එක් හේතුවක් වී තිබේ.

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණද සීඑස්එන් පවත්වාගෙනයාමට භාවිතා කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පැවසේ.

2009 ජූලි මස 09 වැනිදා චීන ජනරජයෙන් මෙරටට ලැබුණු මෙම සම්ප්‍රේෂණ උපකරණවල වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවත් අදාළ උපකරණ තොගය තීරුබදු රහිතව මුදාහැරී සඳහා එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලිඛිතව දැනුම් දී ඇති බවටත් රාවයක් පවතී.

පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරන ලද ලේඛණවලට අනුව මෙහි කොටස්‌කරුවන් සියලු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන බවත්, ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය බවද පැවසේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය.

සමාගමේ ගනුදෙනුවලට අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේදී යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගමේ සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇතිබවට ද තොරතුරු ඇතැයි පැවසේ.

Share on Google Plus

0 comments:

Post a Comment